දේශපාලන ඉතිහාසයේ වැඩිම මනාප මහින්ද රාජපක්ෂට – රනිල්ගේ වාර්තාවත් බිඳ හෙලයි!

මෙතෙක්, ඉතිහාසයේ වැඩිම මනාප සංඛ්‍යාවක් ලබාගෙන රනිල් වික්‍රමසිංහ මහතා තබා තිබූ වාර්තාව කැඩීමට, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමත්ව තිබේ. ඒ, මනාප පන් ලක්ෂ විසි හත් දහස් තුන්සිය හැට හතරක් ලබා ගනිමිනි.
2015 මහ මැතිවරණයේ දි කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් තරග වැදුණ රනිල් වික්‍රමසිංහ මහතා මනාප ඡන්ද පන්ලක්ෂ පන්සිය හැටහයක් ගනිමින් වාර්තාවක් තබා තිබුණි.
පොහොට්ටු ලැයිස්තුවේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් තරග වැදුණ දයාසිරි ජයසේකර සහ ශාන්ත බණ්ඩාර යන අයද මන්ත්‍රී ධූර දිනා ගැනීමට සමත් විය.

SLPP

මහින්ද රාජපක්ෂ 527364
ජොන්ස්ටන් ප්‍රනාන්දු 199203
ගුණපාල රත්නසේකර 141991
දයාසිරි ජයසේකර 112452
අසංක නවරත්න 82779
සමන්ප්‍රිය හෙරත් 66814
ඩීබී හේරත් 61954
අනුර ප්‍රියදර්ශන යාපා 59666
ජයරත්න හේරත් 54351
ශාන්ත බණ්ඩාර 52086
යූකේ සුමිත් 51134

SJB

නලින් බණ්ඩාර 75631
ජේසී අලවතුවල 65956
අශෝක අබේසිංහ 54512
තුෂාර ඉඳුනිල් 49364

 845 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply