අපෘෂ්ඨවංශික චීත්තය මගේ නමින් බොරු සාමාන්‍ය පෙළ සහතිකයක් නිකුත් කරලා – හරීන් කියන කතාව

පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතාගේ අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ලේඛනය වෙනස්කොට අව්‍යාජ පිටපතක් සමාජ මාධ්‍යයේ පළ කර ඇති බවට ඒ මහතා විසින් සිය නිල ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් සඳහන් කර තිබුණා.මෙය ආණ්ඩුවේ ක්‍රියාකාරීන්ගේ කටයුත්තක් බවත් එය තමන් හෙළා දකින බවත් ඔහු පවසනවා.

එම ෆේස්බුක් සටහන පහතින්

“ඇන්දවීමත්, ඇදගැනීමත්, ඇදගෙන නෑමත් සිය බඩ රස්සාව කරගත් මානසික අසහනකාරයෙක්ට ෆේල් පුද්ගලයෙක් මඩ කැම්පේන් එකක් භාර දී තිබේ. ,තාවකාලික ස්වයංවින්දයක් වෙනුවෙන් මේ අපෘෂ්ඨවංශික චීත්තය මගේ නමින් මෙවැනි බොරු සාමාන්‍ය පෙළ සහතිකයක් නිකුත් කර තිබේ. කලක සිට මානසික ව්‍යාධියකින් පෙලෙන චීත්තකාර සම- හරක් නොදැන හිටියාට සාමාන්‍යයෙන් උසස් පෙළ කරන්නට සිංහල,ගණිතය වැනි විෂයන් සමත් විය යුතුය. කෙසේ වෙතත් අධ්‍යාපන සහතිකයක් මෙලෙස විකෘති කිරීම සහමුලින්ම සාපරාධී ක්‍රියාවක් වන අතර,බොරුවෙන්ම ජීවත්වෙන ආණ්ඩුවක් තුළින් මෙවැනි ක්‍රියාවලට එරෙහිව සාධාරණත්වයක් බලාපොරොත්තු වීම විහිලුවක් නමුත්, මේ උමතු මානසික ක්‍රියාවට එරෙහිව බලධාරීන්ගේ හැසිරීම පිළිබඳව විමසිලිමත් වෙමු. කෙසේ වෙතත්, මෙවැනි තුට්ටුදෙකේ මඩ බාල්දි පෙරලාගත හැක්කේ චීත්ත අදින උමතු ගවයින්ට බවත්,එවැනි ගවයින් හරහා කැම්පේන් කරවන අයගේත් මොළය ජනතාව විසින්ම පරික්ෂා කරන දිනය වැඩි ඈතක නොවන බවත් සහතිකය. එතෙක්,ඔය චීත්ත්‍තයට මුවාවී සිටින්න.

ස්තුතියි .!!!”

 265 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply