සමාජ මාධ්‍ය හරහා නිවසේ සිටම මුදල් ඉපයීමේ කලාව

 කිහිපයකට පෙර දෙමව්පියන් දහසකුත් පැතුම් කරපින්නා ගෙන සිටියේ තම දරුවන් ඉංජිනේරු – වෛද්‍ය – ගණකාධිකාරි – නීතිඥ ආදී සම්ප‍්‍රදායිකව පිළිගැනීමට ලක්ව තිබූ වෘත්තියක නිරත වනු දැකීමටය. එහෙත් 20 වන සියවසේ අග භාගයේ දී ඇති වූ ඩිජිටල් විප්ලවයත් සමග පරිගණකය සමාජයේ සුලභ වූ අතර මුලින්ම කාර්යාලවලටත් ඉන්පසු නිවෙස්වලටත් පරිගණකය හා එහි ආශ‍්‍රිත උපකරණ නැතුවම බැරි දෙයක් බවට පත් විය.
 
 මේ නිසා පරිගණකය ආශ‍්‍රිත බොහෝ නව වෘත්තීන් ලොවට බිහි වූ අතර මෙම ක්‍ෂේත‍්‍රයේ රැකියාවලට යොමු වූ අය කලින් තිබූ සම්ප‍්‍රදායික රැකියාවලින් උපයාගත් වැටුප් හා ප‍්‍රතිලාභවලට සමාන මට්ටමේ හෝ ඊටත් වඩා ඉහළ වැටුප් හා ප‍්‍රතිලාභ ලබාගනු දැකගත හැකි විය.
 
 ඒ සමගම මෙම ක්‍ෂේත‍්‍රයේ රැකියාවලට ඉහළ පිළිගැනීමක් හා ආකර්ශනයක් ද ලැබුණු නිසා පාසල් හැරයන්නන් පමණක් නොව විවිධ උපාධි පාඨමාලා හැදෑරූ උපාධිධාරීන් විශාල ප‍්‍රමාණයක් ද පරිගණක ක්‍ෂේත‍්‍රයේ සුදුසුකම් ලබමින් පහසු හා ඉහළ ආදායම්ලාභී ජීවන රටාවකට යොමු වනු දැකිය හැකි විය. Software Engineer, Network Engineer, Graphic Designer, හෝ වෙනත් ක්‍ෂේත‍්‍රයේ ප‍්‍රවීණ වෘත්තිකයකු ලෙස සුදුසුකම් ලබා ගන්නට තරුණ පරපුර නිතැතින්ම යොමු වීමත් කැපී පෙනෙන ලක්ෂණයක් විය.
 
 මූලික වෘත්තීය අධ්‍යාපනය ලැබීමෙන් පසු පුහුණුවන්නකු ලෙස පරිගණක ක්‍ෂේත‍්‍රයේ රැකියාවකට අවතීර්ණ වන්නෙකුට වර්තමානයේ දී අපේ රටේ රුපියල් 15000 – 35000 අතර වැටුපක් ලබාගත හැකි වන අතර වසරක පමණ පුහුණුවකින් පසු ක්‍ෂේත‍්‍රයේ නව දිශානතීන් හොඳින් අධ්‍යයනය කර ඒ සමග හැසිරිය හැකි කෙනකුට සාමාන්‍යයෙන් රු: 150,000 පමණ වැටුපක් ලබා ගැනීම පහසු කරුණක් වී ඇත.
 
 එහෙත් මෙම ක්‍ෂේත‍්‍රයේ නිරත වී ඊටත් වඩා ඉහළ ආර්ථික මට්ටමකට ළඟා විය හැකි බව අපේ රටේ බොහෝ දෙනා තවමත් නොදන්නේ එම අවකාශ පිළිබඳ නිවැරදි දැනුමක් හා ම`ග පෙන්වීමක් තවමත් ශ‍්‍රී ලංකාවේ එතරම් දක්නට නොමැති නිසාය. බොහෝ විට තමා විසින් ම හඹා ගොස් සාක්ෂාත් කර ගත් දැනුම ඔස්සේ අතළොස්සක් දෙනා ඉහළ ආදායමක් ලබන ව්‍යවසායකයන් බවට පත් වී ඇතත් ඒ පිළිබඳ අවශ්‍ය දැනුම හා මගපෙන්වීම නොමැති කමින් නිර්මාණශීලී එමෙන්ම කැපවීමක් කිරීමට සූදානම් තවත් විශාල ශ‍්‍රී ලාංකිකයන් පිරිසකට මෙම අවස්ථාව අහිමි වී තිබේ.
 
 පරිගණකය ලොවට හඳුන්වා දීමත් සමගම කිසිවෙක් නොසිතූ – නොපැතූ මට්ටමකින් සන්නිවේදනයේ වේගය ඉතා ඉහළට වර්ධනය වූ අතර අතීතයේ මෙන් විශාල මුද්‍රණ යන්ත‍්‍ර / ඉලෙක්ට්‍රොනික් උපකරණ හෝ තැපැල් / කුරියර් ආදී සංකීර්ණ ජාල පද්ධතියක් නොමැතිව තනි පුද්ගලයකුට ඉතා වේගයෙන් ලොවේ එක් කොණක සිට අනිත් කොණට පණිවිඩයක් සම්පේ‍්‍රෂණය කරන්නට අද ගතවන්නේ ඉතා සුළු කාලයකි. එමෙන්ම ඒ සඳහා අවශ්‍ය කෙරෙන්නේ ද ඉතා කුඩා SMART දුරකථනයක් වැනි උපකරණයක් පමණි.
 
21 වන ශත වර්ෂයේ මුල් වසර කිහිපය තෙක් පැවති එම තත්ත්වය ද මුහුණ පොත වැනි සමාජ මාධ්‍ය ලොවට හඳුන්වා දීමත් සමග ඉතා විශාල ඉදිරි ගමනකට ව්‍යාප්ත වූ බව සැවොම දන්නා කරුණකි. එවකට සරසවි ශිෂ්‍යයකු වූ මාක් සකර්බර්ග් සහ ඔහුගේ මිතුරන් 2004 දී මුහුණු පොත ලොවට හඳුන්වා දීමත් 2005 දී Youtube හා 2010 දී Instagram හා pinterest ආදිය මාධ්‍ය ලොවට බිහිවීමත් සමග ලෝක ජනතාවට තමන්ටම ආවේණික ශෛලීන්වලින් ඉතා වේගයෙන් සන්නිවේදන කටයුතු සිදු කරන්නට අවස්ථාව සැලසුණ අතරම මිනිසුන්ගේ වටිනා සම්පත් නිකරුණේ වැය වීමට ද එය හේතුවක් වූ බව නොරහසකි.
 
 සමාජ මාධ්‍ය නිකරුණේ භාවිතා කරමින් කාලය, මුදල්, පවුල ආදී අති විශාල වටිනාකමකින් යුත් සම්පත් ප‍්‍රමාණයක් ලොවේ බහුතරයක් විවිධ ප‍්‍රමාණවලින් නිකරුනේ වැය කිරීම මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුතු අතර තමන්ට ආර්ථික ශක්තියක් ලබාගැනීම සඳහා සමාජ මාධ්‍ය භාවිතා කරන්නේ විශේෂයෙන්ම අපේ රටේ ඉතා සුළු පිරිසකි. ලොවේ අන් රටවල් කෙසේ වෙතත් අපේ රටේ මේ සඳහා විවර වී ඇති පහසුකම් හා අවස්ථා ඉතා විරල නිසා හැකියාවක් හා ඕනෑකමක් ඇති නිර්මාණශීලී ශ‍්‍රී ලාංකිකයන්ට මෙම මාහැඟි අවස්ථාවන් හඳුන්වා දීම පිළිබඳව නවමු ව්‍යාපෘතියක් පසුගියදා ආරම්භ කෙරිණි.
 
 Au** Me Network Pvt. Ltd. ආයතනයත් පොලිමත් විදුහලත් එක්ව පසුගියදා ආරම්භ කළ මෙම නව ව්‍යාපෘතිය මගින් එවන් නව නිර්මාණකරුවන් සඳහා නිසැකවම අත්වැලක් සපයනු ලබයි. නිපුණතාවලින් සපිරි වැඩ ලෝකයක් අප රට තුළ බිහි කිරීම අරමුණ කොට ගෙන මුදල් අමාත්‍යාංශය යටතේ පිහිටුවා ඇති සීමාසහිත නිපුණතා සංවර්ධන අරමුදල සමග සහසම්බන්ධව ක‍්‍රියාත්මක කිරීමට යෝජිත මෙම වැඩසටහන ඔස්සේ අදාළ ක්‍ෂේත‍්‍රයේ න්‍යායික හා ප‍්‍රායෝගික දැනුම ලබාදෙන පාඨමාලා කිහිපයක්ම ශ‍්‍රී ලාංකිකයන්ට හඳුන්වා දීමට අපේක්ෂා කරන අතර සමාරම්භක පාඨාමාලාව වන්නේ Social Media Monetization පාඨමාලාවයි.
 
 මෙම සමාරම්භක පාඨමාලාව හරහා කැප වී කටයුතු කිරීමට කැමැත්තක් දක්වන නිර්මාණශීලීන්ට සාර්ථක ව්‍යවසායකයක් බවට පත්වන්නට අවශ්‍ය කෙරෙන දැනුම හා කුසලතා ලබාදීමට කටයුතු කරන අතර සාර්ථකව පාඨමාලාව නිමා කිරීමෙන් පසු තමන් ඉහළ ආර්ථිකයක් සපයා ගැනීම සඳහා සුදුසුකම් ලබන්නකු වනවා පමණක් නොව රටට අත්‍යවශ්‍ය වූ විදේශ විනිමය මෙරටට සපයා දෙන්නකු ලෙස ශ‍්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩන`ගන්නකු බවට ද නිතැතින්ම පත්වනු ඇත.
 
 ‘‘මුදල් උපයා ගන්නට නම් කෙනකු අතිශයින් ශාරීරිකව වෙහෙස වීම අත්‍යවශ්‍ය කාරණයක් නොවේ. අවශ්‍ය කෙරෙන්නේ ශාරීරිකව වෙහෙසවීමට වඩා තම දැනුම හා බුද්ධිය නිසි ආකාරයෙන් මෙහෙයවීමයි. (To earn money you need not to be a Hard Worker – but a Smart Worker) බොහෝ දෙනෙක් ව්‍යවසාකයන් වන්නට උත්සාහ නොකරන්නේ බොහෝ අවස්ථාවලදී ආයෝජනයේ ප‍්‍රතිලාභය (Return of investment) ඉතා ඉහළ අගයක්  ගන්නා නිසාය. එහෙත් මෙම පාඨමාලාවලින් එකක් හෝ හැදෑරූ පසු තමන්ගේ කැපවීම හා නිර්මාණශීලීත්වය මත වර්තමානයේ අපි හඳුනාගෙන ඇති සාම්ප‍්‍රදායික රැකියාවකට වඩා ඉහළ ආර්ථික ශක්තියක් කෙටි කාලයකින් නිතැතින්ම ළඟා කර ගතහැකියි. මගේ සිහිනය වන්නේ මාසයකට ඩොලර් 1000 ක් ඉපැයිය හැකි ශ‍්‍රී ලාංකිකයන් දහසක් මගේ මවු රටට දායාද කරන්නයි. එවිට මා ඉපදුනු මගේ මේ සුන්දර රටට ඩොලර් මිලියනයක් කිසිදු ආයාසයකින් තොරව මාස්පතා ගලා ඒවි. ඒ එක්කම එහි වැදගත්ම කරුණ වන්නේ අපේ රටේ සම්පත් කිසිවක් පිටරටට නොයවා මේ විදේශ විනිමය ලැබීමයි. වර්තමානයේ අපේ රටේ විදේශ විනිමය ලැබෙන්නේ අපේ රටේ කාන්තාවන් හෝ වෙනත් වෘත්තිකයන් හෝ අපේ විවිධ සම්පත් පිටරටවලට යැවීමෙනුයි. අපේ සම්පත් කිසිවක් අපට අහිමි නොවීම මෙම වැඩසටහනේ විශේෂතම ලක්ෂණය ලෙස හඳුන්වා දෙන්න පුළුවන්.’’ Au** Me ආයතනයේ සභාපති/ ප‍්‍රධාන විධායක නිලධාරි මධුශ්ක දිසානායක මහතා එලෙස අදහස් දැක්වූයේ ආයතන දෙක අතර අවබෝධතා ගිවිසුම අත්සන් කළ අවස්ථාවේදීයි.
 
 නිර්මාණශීලී ව්‍යවසායක ශ‍්‍රී ලාංකික තරුණයකු වන මධුශ්ක දිසානායක මහතාගේ අදහස් ඉතා ආදරයෙන් වැළඳගන්නා බවත් ඔහුගේ නිර්මාණශීලී අදහස් ක‍්‍රියාත්මක කිරීම සඳහා පොලිමත් විදුහලේ උපරිම සහාය ලබා දෙන බවත් පොලිමත් විදුහලේ විදුහල්පති/ අධ්‍යක්ෂ උපාලි ගුණසේකර මහතා අදහස් දක්වමින් ප‍්‍රකාශ කළේ ශ‍්‍රී ලාංකික අධ්‍යාපන ක්‍ෂේත‍්‍රයට නැවුම් පිටුවක් පෙරළන්නට මෙම ව්‍යාපෘතිය සමත් වේවායි යන අධිෂ්ඨානයත් සමගිනි.
 
 මධුශ්ක දිසානායක මහතා ඩිජිටල් ව්‍යවසායකත්වය පිළිබඳව හසල දැනුමක් ඇති ශ‍්‍රී ලාංකිකයන් අතළොස්සකගෙන් ප‍්‍රමුඛයා ලෙස හැඳින්විය නොහැකි නම් ප‍්‍රමුඛයන් අතර ඉහළින්ම සිටින කෙනෙකි. වසර 12කට අධික කාලයක් මෙම ක්‍ෂේත‍්‍රයේ හසල අත්දැකීම් ඇති ඔහු ශ‍්‍රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ටතම අන්තර්ජාල ව්‍යවසායකයෙකි.
 
 ඔහු දැනටමත් අපේ රටට තම නිර්මාණශීලී හැකියාවන් හරහා විදේශ විනිමය ගෙන එන්නට දායක වී හමාරය. මෑතකදී ඔහු විසින් පළ කළ වචන 650 ක් පමණ වූ ලිපියක් සතියක් තුළ රුපියල් මිලියන 3.6 ක පමණ විදේශ විනිමය ප‍්‍රමාණයක් ශ‍්‍රී ලංකාවට ගෙන ඒම ඊට කදිම උදාහරණයකි.
 
 සමස්ත ලෝකය පුරාම 2019 නොවැම්බර් මාසයෙන් ඇරඹුණු මාස තුන තුළ පමණක් ඔහුගේ අන්තර්ගතයන් (content) මිලියන 76.71 ක් නරඹා ඇති අතර ක්‍ෂේත‍්‍රය පිළිබඳව ඔහුගේ නිපුණතාවය එමගින් මනාව පැහැදිලි වෙයි.
 
 එමෙන්ම නිර්මාණශීලී අන්තර්ගතයන්ට ලොව පුරා ඇති ඉල්ලූම හා එහි ආර්ථික ප‍්‍රතිලාභ ද මෙයින් අපට හොඳින්ම අවබෝධ කරගත හැකි වනු ඇත.
 
 මෙම ඒකාබද්ධ වැඩසටහන හරහා ශ‍්‍රී ලාංකිකයන්ට නවෝත්පාදන වෘත්තීන් හඳුන්වා දීමටත් නිර්මාණශීලී කැපවී කටයුතු කරන්නන්ට වඩාත් ඉහළ ජීවන මාවතක් සකසා දීමටත් දොරටු විවෘත කරනු ඇත.

දිවයින

 395 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply