online tv series බලන මෝඩ පහේ තරුණයන්ගේ විවේචන මට වැඩක් නැහැ – සුනිල් ටී ප්‍රනාන්දු

සුනිල් ටී ප්‍රනාන්දු කියන්නේ අපේ රටේ ඉන්න ඉතාමත් ප්‍රවීණ චිත්‍රපට නිෂ්පාදකවරයෙක්. ඔහුගේ 72වන සිනමාපටය ලෙස පසුගිය දිනවල අපට සැදුනු අපේ ලෝකයේ සිනමා පටය සිනමා ශාලාවලදී තිරගත වීමට පටන් ගත්තා.

මෙම සිනමා සිනමාපටය තිරගත වීම ආරම්භ කිරීමත් සමඟ සුප්‍රකට Disney ආයතනය jungle book සිනමාපටය කොපි කලා යැයි කියමින් ඇතැම් පාර්ශ්ව මෙම නිර්මාණය නිර්දය ලෙස හෙළා දැක තිබුණා. නිර්මාණය ඉස්සුවා යන චෝදනාව යටතේ විවිධ තැන්වලදී දොස් නගා තිබුණා. මෙම චිත්‍රපටයේ ඇත්ත නැත්ත ගැන එහි නිෂ්පාදක සුනිල් ටී ප්‍රනාන්දු මහතා සති අන්ත පුවත්පතකට අදහස් දක්වා තිබුනේ මෙන්න මේ විදිහට..

අපට සැදුනු අපේ ලෝකය එක්ක ඔබේ වැඩ කටයුතු සකස් වන්නේ කොහොමද?

මේ වස්වල ඉතාම කාර්යබහුල වෙලා ඉන්නේ චිත්‍රපටයත් එක්ක. මේක මගේ 72වන සිනමා නිෂ්පාදනය. ඇත්තටම කිව්වොත් අපට සැදුණු අපේ ලෝකෙ නිර්මාණය කරන්නේම අපේ රටේ කුඩා දරුවන්ට ඔවුන් වෙනුවෙන් ඔවුන්ගේ රස වින්දනයට. නමුත් බලාපොරොත්තු වූ තරම් කුඩා දරුවන් චිත්‍රපටය නරඹා නැති බවක් පෙනෙනවා මේ කොවිඩ් තත්ත්වය නිසා තමයි ඒක එහෙම වෙලා තියෙන්නේ. ඉතින් ඉදිරියේදී බොහෝ පිරිසක් මේක නරඹයි සහ කුඩා දරුවන් තව කැමැත්තෙන් මේක වැළඳ ගනී කියන අදහසින් වැඩකටයුතු කරගෙන යනවා.

චිත්‍රපටයට ලැබෙන ප්‍රතිචාර කොහොමද කොහොම ද? බලාපොරොත්තු වූ තරමට ප්‍රතිචාර තියෙනවද?

ඉතාමත්ම හොඳ ප්‍රතිචාර තියෙනවා ඒ ගැන විවාදයක් නෑ.. නමුත් මම අර කලින් කිව්ව වගේ සෞඛ්‍යමය ගැටලු නිසා මිනිස්සු සිනමා ශාලාවකට එන්න බයයි. මව්පියෝ සිනමා ශාලා වලට ඇවිල්ල මේක දරුවන්ට පෙන්නන්න බයයි.කොවිඩ් ගැටලුව නිසා. ප්‍රචාරණ කටයුතු මම අඛණ්ඩව සිදු කරනවා ප්‍රතිචාර වැඩි කරගන්න ඕන නිසා. විශේෂයෙන්ම කියන්න ඕන ආණ්ඩුවේ ආයතන වලින් නම් කිසිම සහයෝගයක් ලැබුණේ නැහැ මේක ප්‍රචාරණ කටයුතුවලට. නාලිකා විදිහට ස්වර්ණවාහිනිය සහ සියත විතරයි මට උදව් කළේ .

සිනමා සඳහා රජයේ අනුග්‍රහය මදිකම දේශපාලනික වශයෙන් ලැබෙන සහාය අඩුකම කියන කාරණාව සම්බන්ධයෙන් ඔබ දරන මතය මොකක්ද?

අපි තේරුම් ගන්න ඕන මේක ගාමිණී ෆොන්සේකාගේ යුගයේ නෙවෙයි. මේ සිනමාව සාමාන්‍යකරණය වීම සාමාන්‍ය යුගයක්. අවුරුද්දට සිනමා festival හයක් විතර මේකෙ පෙන්නනවා ඒවා බලන ප්‍රේක්ෂක ප්‍රජාව හිතනවා ඒ festival තරම්ම රටේ සිනමාව ආකර්ශණීයයි කියලා. නමුත් ඇත්ත කතාව මේකේ අර්බුද ගොඩයි ගොඩක් කියන්නේ ඉහේ කෙස් ගානට අර්බුද. මිනිස්සු සිනමා ශාලා වලට යන්නෙ නෑ හදන චිත්‍රපට පෙන්වන සිනමාශාලා නෑ. චිත්‍රපට හැදුවනම් නිර්මාණකරුවන්ට එකක් වත් කවර කරගන්න බැහැ. ගොඩක් ගැටළු මම වුණත් චිත්‍රපටියක් කරන්නේ මගේ තනි වියදමෙන් අනුග්‍රහය දක්වන්න කිසි කෙනෙක් නැහැ. සහයෝගයට කිසි කෙනෙක් නෑ. බොරුවට තැන් තැන් වල නම් කියනවා සිනමාව ගොඩ දානවා අපි අරවා කරනවා මේවා කරනවා වගේ දේවල්. හැබැයි විය යුතු දේ කවදාවත් මේ කියන බලධාරියෝ කරන්නේ නැහැ. ඉතින් අදාළ බලධාරීන් මේක ගොඩ දාන්න ලෑස්ති නම් නම් මම ඕන විදිහකට සහායක් දෙන්න ලෑස්ති මොකද මේක තියෙන්නේ තවමත් ගොඩ දාන්න පුළුවන් මට්ටමේ .

මේ චිත්‍රපටය junglebook සිනමාපටය කොපියක් යැයි කියමින් සමාජ ජාලවල ඇතැමුන් ඔබට සහ නිර්මාණයට බොහෝ නිර්දය විදියට පහරදෙන අයුරු අපි දුටුවා මේ සම්බන්ධව ඔබට කියන්න තියෙන්නේ මොනවද? මේ විවේචන ඔබ භාරගන්නවද?

ඔව් මම දැක්කා ෆිල්ම් එකේ ට්‍රේලර් එකක් වත් හරියට බලපු නැති අය තමයි ඔය වගේ කතා කියන්නෙ. ඔහොම පහර දෙන අය කිසිම දවසක ෆිල්ම් එකක් බලලා නෑ. ජීවිතේට සිංහල සිනමාව ගැන හැදෑරීමක් කරල නෑ. ඔවුන් යූටියුබ් හෝ වෙනත් online tv series බලලා ඒක තමයි මාර කියලා හිතාගෙන ඉන්නවා. එච්චරයි.. තවත් අය ඉන්නවා අරයා ගහන නිසා නිසා මම ගහනවා හරියට හේතුවක් ඔවුන් දන්නෙ නෑ. මම කියන්නේ ෆිල්ම් එක බලපු අය දන්නවා මේකේ තියෙන්නේ මොකක්ද කියලා.. ඉතින් ඒ නිසා මට ඔය සමහර මෝඩ පහේ තරුණ කණ්ඩායම් කියන කතා වැඩක්ම නැහැ. තවත් ඔවුන් මේකට ගහන්න ගහන්න ස්වයංක්‍රීයවම ඒක නෙගෙටිව් මාකටින් එකත් වෙලා publicity එකක් හැදෙනවා .මොකද ලංකාවෙ ගොඩක් වෙලාවට බලන්න එපා කියලා ෆිල්ම් තමයි මිනිස්සු හොයන් ගිහින් බලන්නේ. මම මේ වෙලාවේ හැමදේම වාසියට පෙරලගෙන වැඩ කරනවා .

ඔය කියන විදියට ඇත්තටම junglebook සිනමාපටය අනුකරණය කරලා මේ චිත්‍රපටය නිර්මාණය කළා නම් එහි මුල් අයිතිකරුවන්ට යම් වෘත්තීයමය අසාධාරණයක් වෙනවා නේද?

මේක ජංගල් බුක් එකේ කොපියක් කියන්නේ කොහොමද? ඒක කාට හරි ඔප්පු කරන්න පුලුවන්ද? අනිත් එක ලංකාවෙ මම විතරද කොපි කරන්නේ කොපි කරපු වෙන නිර්මාණ මේක ඇතුලෙ නැද්ද? එහෙම බැලුවම ධර්ම යුද්ධය සිනමාපටයක් කොපියක් නේ මං බොහොම වගකීමෙන් කියනවා මේක junglebook සිනමාපට කිසිම කොටසක් නෑ. මම එහෙම දේකට උත්සාහ කරලා නෑ.mowgli සිනමාපටය නම් යම් යම් කොටස් මේකට අරගෙන තියෙනවා නිර්මාණය රස වැඩි කිරීමේ අදහසින්.

Disney ආයතනය මේ නිර්මාණය ප්‍රකාශන හිමිකමක් සම්බන්ධව යම් නීතිමය ක්‍රියාමාර්ගයක් ගත්තොත් ඇතිවන තත්ත්වයට මුහුණ දෙන්නෙ කොහොමද?

එහෙම ගැටලුවක් ආවොත් මම ඒකට මුහුණ දෙනවා. මම බය නෑ.. බයක් තියෙනවා නම් මම මේ නිර්මාණ කරන්නෙත් නෑ. අනිත් එක බල්ලෝ බිරුවට කඳු පාත් වෙන්නෙ නෑ කියන කතාවමම විශ්වාස කරනවා. මම ඕන දේකට ලෑස්ති වෙලා ඉන්නේ එච්චරයි මට කියන්න තියෙන්නේ.

ඔබ අඛණ්ඩවම චිත්‍රපට 72ක් නිෂ්පාදනය කලාට ලංකාවේ චිත්‍රපටයක් කරන්න නිෂ්පාදකයෙක් සොයා ගන්නවා කියන කාරණාව අද නිර්මාණකරුවන්ට අතිශය අපහසු කාර්යයක්. ලංකාවේ සිනමා නිෂ්පාදකවරු අඩුවෙන්න බලපෑම් සහගත වෙන තීරණාත්මක කාරණාව මොකක්ද?

නිෂ්පාදකය අඩු වෙන්න හේතු ගොඩක් තියෙන්න පුළුවන්. නමුත් ප්‍රධානම හේතුව කරන ෆිල්ම් වලින් ලාභයක් නැතිකම ලංකාවේ ගොඩක් කරන්නේ ලාභයක් නොලැබෙන ෆිල්ම්. එකක් කරලා ලාභයක් නොලැබෙන කොට ඊළඟ තව ෆිල්ම් එකක් නිෂ්පාදනය කරන්න කිසිම නිෂ්පාදකවරයෙක් උත්සුක වෙන්නේ නැහැ. මම ගහන චිත්‍රපටිවලින් මට ලාභයක් ලැබෙනවා. මම හැම වෙලාම ලාභයක් ලැබෙන චිත්‍රපට නිර්මාණය කරනවා. ඒක තමයි මම චිත්‍රපට 72ක් වසර 35 කට නිෂ්පාදනය කරලා තියෙන්නේ. ඉබාගාතේ යනවා වගේ වෙන වෙන බලාපොරොත්තු තියාගෙන මේ ක්ෂේත්‍රයට ආවට නිෂ්පාදකවරු විදියට සාර්ථක වෙන්න බැහැ. මිනිස්සු impress වෙන විදිය ෆිල්ම් හදන්න බලාගෙන එන්න ඕන. අරමුණක් තියෙන්න ඕන. අනික මේක ඇතුලේ දවසින් දෙකෙන් මාර නිෂ්පාදකවරු වෙන්න බැහැ සුනිල් ටී කෙනෙක් වෙන්න බෑ. එහෙම වෙන්න නම් කාලයක් මේක අල්ලගෙන ඉන්න ඕන.

මෙරට සිනමාව තුළ විදේශීය ආභාෂයන් සහිත අනුකරණයන් වැඩි වෙලා ස්වතන්ත්‍ර නිර්මාණ අඩුවෙන් බලපාල තියෙන තීරණාත්මක සාධක මොනවද?

ඒ කාලේ ඉඳන්ම ඉන්දියාවේ කොපි තමයි මෙහෙ ගොඩක් නිර්මාණය කරලා තියෙන්නේ .ඒවා ජනප්‍රිය වෙනවා සහ රඟපාන නළු නිළියෝ ගොඩ යනවා. ඉතින් මම කියන්නේ මිනිස්සුන්ට බලන්න පුළුවන් විදිහෙ ෆිල්ම් එකක් නම් අපි හදන්න එක ස්වතන්ත්‍ර ද නැද්ද කියන ගැටළුවක් නෙමෙයි ඒ ගැන හිතන්න ඕන නැහැ.

සම්භාව්‍ය ගණයේ චිත්‍රපට වලට ඔබ වැඩිපුර දායක නොවන්නෙ ඒ වර්ගයේ චිත්‍රපට බලන්න තරම් සවිඥානික රසික ප්‍රජාවක් ලංකාවෙ නැති නිසාද?

මම සම්භාව්‍ය මාදිලිය සිනමා පටත් කරලා තියෙනවා සෙව්වන්දි , අනගාරික ධර්මපාල වගේ ඒව තමයි ඒකට හොඳම උදාහරණ. නමුත් මම ඒක දිගට ඒ මාදිලියෙන් කරන්න ගියේ නෑ. ඒකට හේතුව සවිඥානික ප්‍රේක්ෂක ප්‍රජාව රටේ නැතිකම නෙමෙයි. ලංකාවේ සම්භාව්‍ය චිත්‍රපට ගහලා ගොඩයන්න බැරිකම. ඕවා කරලා සිනමාව ඇතුලෙ මූල්‍යමය වශයෙන් ගොඩ යන්න බෑ. වෙනම රසයක් නම් දෙන්න පුළුවන්. මූල්‍යමය වශයෙන් ගොඩ යන්න නම් මිනිස්සු බලන විත්‍රපට කරන්න ඕන. සම්භාව්‍ය කියන කෑල්ල පැත්තකින් තියලා ලංකාවේ මිනිස්සු බලන විදිය චිත්‍රපට කරන්න ඕන. රසවින්දන කලාපය නිර්මාණකරුවන් හරියට අඳුර ගන්න ඕන.

සිනමාව හෝ වෙනත් ක්සෙෂ්ත්‍රයක් වේවා මෙරට නිර්මාණකරුවන්ගේ නිර්මාණ වල ප්‍රකාශන අයිතිය සුරකින්න යම් ප්‍රතිපත්ති මාලාවක් නැතිකම සම්බන්ධව ඔබේ අදහස මොකක්ද?

ලංකාවෙ මිනිස්සු හරි කුහකයි ඔය ප්‍රකාශන හිමිකම වගේ කාරණා වලදී සමස්තය වෙනුවෙන් පොදු වූ පෙනී සිටීමක් කරන්නේ නැතිව ගොඩක් වෙලාවට හැමෝම උත්සාහ කරන්නේ තමන්ගේ නිර්මාණය පුද්ගලිකභාවය විතරක් ආරක්ෂා කරගන්න. තමන්ගේ නිර්මාණය ප්‍රකාශන හිමිකම විතරක් රැකගන්න ප්‍රකාශන හිමිකම සම්බන්ධව පොදු ප්‍රතිපත්තියක් ගොඩනඟා ගන්න ඒ සම්බන්ධව රජයෙන් ඉල්ලීමක් කරන්න කවුරුත් ඉදිරිපත් වෙන්නෙ නැහැ. සමහර නාලිකාවල ගායකයන්ගේ ගීත විකාශය කරනවා ගායකයාට අදාළ ආදායමෙන් රුපියලක් පස්සේ දෙන්නම් කියලා. නමුත් ටික දවසක් යද්දි රුපියලත් නෑ නිර්මාණ කරුවා මතකත් නෑ. ඒක හරිම අවුලක් මේකට රජය මැදිහත්වෙලා යම් ක්‍රියාමාර්ගයක් ගන්න ඕන කියන තැන මම ඉන්නේ. රජයෙන්ම තමයි ප්‍රකාශන හිමිකම සම්බන්ධ ප්‍රතිපත්ති ගේන්න ඕන .

සිනමාව තුළින් මූල්‍යමය වශයෙන් ස්ථාවරත්වයක් ඇති කරගන්න ඔබ සෙසු නිර්මාණකරුවන්ට කරන යෝජනා මොනවාද?

ඉන්දියාවේ එක එක්ක සංසන්දනය කළොත් අපි හරිම පොඩි රටක් මේ පොඩි රට ඇතුළේ හදන සිනමාව රටෙන් එළියට යවන්න නම් මහ විශාල මෙහෙයුමක් කරන්න ඕන. ලොකුම ප්‍රශ්නය අපි කරන නිර්මාණ ජාත්‍යන්තරයට යන්නේ නැති එකනේ. එකනෙ අපි මුලින් ඒක අඳුනගන්න ඕන. අපේ රටේ මිනිස්සු මිලියන හතරක් පමණ විදේශගත වෙලා ඉන්නවා. අන්න ඔනුක් ඉලක්ක කරලා ඔවුන්ට අපේ සිනමාව පෙන්වන පුළුවන් කමක් ඇති කරගත්තොත් මේක ජාත්‍යන්තරයට යවන්න පුළුවන්. එතනින් මූල්‍යමය වශයෙන් ස්ථාවරත්වයක් සිනමාව තුළ ගොඩනඟා ගන්න පුළුවන් අනිත් කාරණාව පුද්ගලික වශයෙන් සිනමාවේ ඉන්න අයට මූල්‍ය පරිපාලනයක් තියෙන්න ඕන. තමුන්ගේ මූල්‍ය ශක්‍යතාවය ගොඩනඟා ගන්න තමන් උත්සුක වෙන්න ඕන. සිනමාව ඉඳලා කරගත්ත දෙයක් නෑ කියලා ගොඩක් අය කිව්වට මේක ඉඳලා ගොඩ ගිය අය ඕන තරම් ඉන්නවා කියලා මුලින්ම පිළිගන්න ඕන.

ඔබ ඉදිරි සැලසුම් ගැන අවසාන වශයෙන් කතා කරමු?

මේ දිනවල මේ චිත්‍රපටයට අමතරව තවත් නිර්මාණ දෙකකට දායකත්වය සපයලා තියෙනවා. ඒවට ඉත් ඉදිරියේදී පැමිණෙන නියමිතයි එකක් තුන්පත් රෑන පත්‍ර ආනික ජගත් මනුවරණ සම්බන්ධ වූ චිත්‍රපටය. ඊට අමතරව මාත් මම මටම කියල app එකක් නිර්මාණය කරගෙන ඉන්නවා මේ වෙද්දි. එකේ නම rickyflex.com ලක්ෂl පමණ subscribers ලා ඉන්නවා ඒකෙ one million දක්වා ගෙන එන සැලසුමක් තියෙනවා’ ඉදිරියේදී වසරකට මගේ නිර්මාණ 12 ක් වගේ ප්‍රමාණයක් පෙන්වන්න ප්‍රේක්ෂකයන්ට ගොඩක් fj,djg මගේ ඇප් එකෙන් පෙන්වයි අනිත්වා සිනමා ශාලාවල පෙන්වයි

 375 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply