අයියව පාස්කු බෝම්බ ප්‍රහාරය සඳහා කොටු කරන්න කුමන්ත්‍රණයක් – ඩඩ්ලි සිරිසේන

Spread the love

තම සහෝදරයා වන හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු බෝම්බ ප්‍රහාරය සදහා කොටු කරන කුමන්ත්‍රණයක් ඇතැයි පැහැදිලිව පෙනී යන බව ‍ප‍්‍රකට ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා සඳහන් කරයි.

‘ඒවා කොහෙද පුලුවන්නම් කරල බලමු. අපි ලෑස්තියි.’ යනුවෙන්ද ඔහු අවධාරණයෙන් කියා සිටියේය.

‘මෛත්‍රීපාල සේරටම වඩා හොඳයි’ යයි දැන් සමහරු කියන බවත් කවුද හොඳ පාලකයා කියා රටම දන්නා බවත් ඒ මහතා පවසයි.

ඉදිරියේදී විශාල හාල් හිගයක් ඇති වන බව තමන් වේලාසනම සඳහන් කරන බවද පවසන ඔහු වත්මන් ආණ්ඩුවේ ඇමතිවරුන්ට පිස්සු යැයිද ඔහු සදහන් කරයි.

ඔහු මේ බව කියාසිටියේ අන්තර්ජාල නාළිකාවක් සමඟ සාකච්ඡාවකට එක් වෙමිනි.

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *