තමන් පැදවූ ලොරියටම යට වී රියැදුරු මියයයි

Spread the love

බළන්ගොඩ දහමාන ප‍්‍රදේශයේ ගල් පැටවූ ටිපර් රථය නතර කර තිබිය දී ඉබේ ධාවනය වී කැබ්රථයක හැපීමෙන් වාහනයේ ඉදිරිපිට සිටි එම ලොරිරථයේ රියැදුරා මරණයට පත් වී ඇති බව බළන්ගොඩ පොලිසිය කියයි.

මොහු 58 හැවිරිදි නිමල් ජයසිංහ නැමැති මොරහැල ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකු බව හ`දුනාගෙන තිබේ. මෙම මෘතදේහය බළන්ගොඩ මූලික රෝහලේ තබා ඇති අතර එහි පී.සී.ආර්. පරීක්ෂණ වාර්තාව ලද පසු මරණ පරීක්ෂණය සිදුකරන බව බළන්ගොඩ හදිසි මරණ පරීක්ෂක එස්.එම්.අයි.ඞී. මීගස්දෙනිය මහතා පැවසීය.

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *