මහමඟදී තම බිරිඳට කැතිපාරවල් 35ක් ගහලා
පවුල් ආරවුලක් මත මහමඟදී තම විවාහක බිරිඳට 35 පොලකට කැත්තකින් කොටා බරපතළ තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් අධිකරණය හමුවට පමුණුවා සිටි සිවිල් ආරක්ෂක භටයකු මාර්තු 5 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කන්තලේ දිසා විනිසුරු හා මහෙස්ත්රාත් තිෂානි තේනබඳු මහත්මිය නියෝග කළා ය.
රිමාන්ඞ් කරන ලද්දේ කන්තලේ සිවිල් ආරක්ෂක බළකා මූලස්ථානයේ සේවයේ නියුතු සිවිල් ආරක්ෂක භටයෙකි.
ඉකුත් 18 දා උදෑසන සිය සේවය නිම වී එමින් සිටි කන්තලේ මූලික රෝහලේ සේවයේ නියුතු සාත්තු සේවිකාවක වූ 44 හැවිරිදි සිය බිරිඳ ගේ ස්කූටියට තම යතුරුපැදිය මඟ හරස්කොට නවත්වා මන්නයකින් පහරදී හිස, අතපය, ඇතුළු මුළු ශරීරයම කපා කොටා තිබුණ බව පරීක්ෂණ පැවැත්වූ පොලිසිය අධිකරණය හමුවේ කියා සිටියේ ය.
මේ වනවිට ඇය බරපතළ තුවාල සහිතව ත්රිකුණාමලය මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්රතිකාර ලබමින් සිටින අතර ඇයගේ තත්ත්වය බරපතළ බැව් රෝහල් ආරංචිමාර්ග පැවසීය.