කාන්තාවන්ට වෙන හිරිහැර ගැන උමාරියා හඩමින් කියූ කතාව

Spread the love

ජනප්‍රිය ගායිකාවක් වන උමාරියා සිංහවංශ විසින් සමාජ මාධ්‍ය ඔස්සේ කාන්තාවන්ට සිදුවන හිරිහැර හෙළා දැක තිබේ.

යූටියුබ් මාධ්‍ය නලිකාවක් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඇය කියා සිටියේ මෙවැනි හිරිහැර කිරීම් කාන්තාවන්ට දැඩිව මානසිකව බලපාන බවයි.

තමා යැයි කියමින් මෑතකදී සමාජ මාධ්‍යවල ප්‍රචාරය වූ ව්‍යාජ නිරුවත් වීඩියෝවක් පිළිබඳව අදහස් දක්වමින් උමාරියා කියා සිටියේ මෙය සියදිවි නසාගැනීමේ සිතුවිලි වලට තුඩු දුන් බවත් ඇය කම්පනයට පත් වූ බවත්ය.

ඇය දැක්වූ අදහස් කිහිපයක් පහතින්…

“ මම දන්නවා මම නිර්දෝෂයි කියලා
ඒත් මොකටද දෙයක් ඔප්පු කරන්න යන්නේ අනවශ්‍ය දේවල් මෙවා
මාත් මානසිකව වැටෙනවා
ඉස්සර තරම් නම් නෑ හැබැයි
සමහර දවස් වලට අඬලා අඬලා නෙක්ස්ට් ඩේ ෆ්‍රෙෂ් ඩේ එකක් විදියට පටන් ගනවා
සමහර මිනිස්සුන්ට තේරෙන්නෙ නෑ ඒගොල්ලො
කරන දේවල් වලින් අනික් මිනිස්සුන්ට වන හානිය.
මට අපහාස කරන අයට කවදහරි දවසක එයාලගෙ ගැහැණු දරුවෙක් උපත ලැබුවොත් එයාට තමයි ඒ දුක විඳින්න වෙන්නෙ
කර්මය ගැන මෙයාලා තාම දන්නෙ නෑ
ඒ නිසා මට අපහාස කරන අයට මන් අපහාස කරන්න යන්නෙ නෑ,
හොද දේකට තියෙන්නෙ මගේ ප්‍රේක්ෂකයෝ මට ආදරය කරන මිනිස්සු මේ වීඩියෝ දාලා තියෙනවා
අක්කෙ මෙහෙම විඩියෝ එකක් යනවා ප්ලීස් මේකට ඇක්ෂන් එකක් ගන්න අපි දන්නවා මේ ඔයා නෙමෙයි කියලා
දැන දැන මන් නෙමෙයි කියලා ඒත් පොස්ට් හදනවා.
මන් මානසිකව වැටෙනවා
ඒක එගොල්ලොන්ගේ නංගි කෙනෙක් හෝ අම්මා කෙනෙක්ට මෙහෙම උනොත්
මන් අද මෙතනට ආවෙ අඩන්නෙ නෑ කියලා
ඒත් හිතේ රිදුම තියෙනවා මට “

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *