ස්වර්ණවාහිනී රතු ඉර අන්තිම සටන දේශපාලන වැඩසටහනට සහභාගී වූ හරීන් ප්‍රනාන්දු මහතා 70 පැනපු පුද්ගලයකු අගමැති කරවීම සඳහා වෙහෙසෙන බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු අපේක්ෂකයින්ට චෝදනා කර සිටියා. තව දුරටත් අදහස් දක්වමින් හරීන් කංචන විජේසේකර මහතාට අභියෝගයක් එල්ල කරමින් කියා සිටියේ හැකිනම් මාතරින් වැඩිම මනාප ගෙන පෙන්වන ලෙසටයි.මෙහි ඇති විහිලුවට කරුණ වන්නේ එසේ චෝදනා කරමින් අභියෝග කරන හරීන් ප්‍රනාන්දු මැතිවරණයට බියේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු යන්නට මාන බලන පුද්ගලයකු වීමයි.

මහින්ද රාජපක්ෂ හා ගෝඨාභය රාජපක්ෂ මහත්වරුන්ගේ වයස වැඩි බවට චෝදනා කරන හරීන්ලා ඔවුන්ගේ තරුණ බව ගැන උදම් ඇනුවද සැබවින්ම හරීන්ලා සිය ආණ්ඩුව තිබියදී කල කී දෑ ජනතාවට හොඳින් මතකය. තාත්තගේ පිහිටෙන් පාස්කු ප්‍රහාරයෙන් බේරී තුන්සීයකට ආසන්ත අහිංසකයින් මරාගත්තේ තරුණ හරීන්ලා කැබිනට් ඇමතිවරුන්ව සිටියදීය. නමුත් ගෝඨාභයලා මහින්දලා දහස් ගණන් ජීවිත බේරා දෙමින් කුරිරු ත්‍රස්තවාදය විනාශ කොට දැමුවේ හරීන්ලා මෙන් වාචාලකම් ප්‍රදර්ශනය නොකරය.

ඩිජිටල් ඇමතිකමක් දරාගෙන පම්පෝරි ගැසුවද කිසිදා පිම්බුනේ නැති බැලුමක් උස්සන් රට වටේ ගිය හරීන් අන්තිමට අවුරුදු 5ක් ගතවූ විට කර ඇති ලබ්බන් නොමැත. නමුත් මහින්දලා ගෝඨාභයලා යුධ ජයග්‍රහනයෙන් පසුව රටට කල කී දේවල් අපමණය ඒවා අමතක දේශපාලන කුහකයින්ට බලාගන්නට මෙසේ අප දක්වමු.

බැලුමක් අල්ලන් අවුරුදු 4ක් වාචාල කතා කියමින් සිටි හරීන්ලාට මහින්දලා ගෝඨාභයලා එක්ක හැරෙන්නටවත් බැරිය කල හැකි එක දේ ඔවුන්ගේ මෝඩ පාක්ෂිකයින් චූන් කිරීමට මඩ ගසමින් බොරු කියමින් විලාප දීම පමණක්බව හෙටින් පසුව රටටම ඔප්පු වනු ඇත.

චන්දයක් ඉල්ලා ජයග්‍රහණය කරගන්නට බැරිබව දන්නා හරීන්ලා දැන් ජනතා වරමින් පාර්ලිමේන්තු එන අපේක්ෂකයින්ට එක එක අභියෝග කරන්නේ තමන්ගේ නිරුවත ලොවටම පෙන්වමිනි. එක අතකින් හරීන්ලාගේ සජිත්ලාගේ අදෝනා සාධාරණය ජනතාව රවටමින් තමන් ලබාගත් ආණ්ඩුව වසර 5ක් වත් පවත්වා ගන්නට බැරි තරම් දේශපාලනිකව බංකොලොත් ඔවුන් අනුන්ට එක එක කතා කියමින් මඩ ගහමින් තමන්ගේ බංකොලොත් දේශපාලනයේ විලි වසා ගැනීම හැරෙන්නට වෙන මොනවානම් කරන්නද?

70 පැන්න නායකයාගේ පෞර්ෂය ඉදිරියේ ඇඹරෙන හරීන්ලාගේ හෙළුව…

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here