ගම්පහ දිස්ත්‍රිකයේ මෙවර මහ මැතිවරණය පිළිබඳව කරන ලද නවතම සමීක්ෂණ ප්‍රතිපල වලට අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මුල් 6 දෙනා අතර නවක වියතුන් දෙදෙනකු සිටින බවට වාර්තා පලවනවා.

මැතිවරණ ප්‍රචාරක කටයුතු ආරම්භ කල සමයේ යම් පසුබෑමක් තිබුනද සම්ප්‍රදායික දේශපාලනය වෙනුවට ප්‍රතිපත්ති දේශපාලනය කල මෙම වියත් නියෝජිතයින් අනෙකුත් අපේක්ෂකයින් පරයා ඉදිරියට පැමිණීමට සමත් වී ඇත.

මෙතෙක්කල් ගම්පහ ඡන්ද දායකයාගේ ආත්ම ගරුත්වය සමස්ත රට හමුවෙම හෑල්ලුවට ලක්කළ නළු නිලියන් මෙන්ම පච හලමින් රටේම උපහාසයට ලක්වන පුද්ගලයින්ටද වැට බඳිමින් බුද්ධිමත් ජනතා නියෝජිතයින් පාර්ලිමේන්තුවට යැවීමට ජනතාව පෙළ ගැසීම සුභ දායක සලකුණකි.