ක්‍රිකට් පුහුණුකරු මිකී ආතර්ට සහ ක්‍රීඩක ලහිරු තිරිමාන්නට කොරෝනා ආසාදනය වෙයි

Spread the love

බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරය සඳහා ක්‍රීඩකයින් 35 දෙනෙකු ගෙන් සමන්විත පුහුණු සංචිතය සඳහා ඊයේ දිනයේදී සිදුකළ PCR පරීක්ෂණ වලදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු මිකී ආතර් සහ ක්‍රීඩක ලහිරු තිරිමාන්න හට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර සිටිනවා.

ඒ අනුව මිකී ආතර් සහ ලහිරු තිරිමාන්න ප්‍රතිකාර සඳහා රජයේ ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත යොමු කිරීමට කටයුතු යොදා ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

ඉකුත් ජනවාරි මස 28 වෙනිදා ආරම්භ කළ පුහුණු සැසිවාරය කාණ්ඩ 03ක් යටතේ වෙනස්ම කාල සීමාවන් තුල සිදුකිරිමට ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරින් පියවර ගනු ලැබ තිබෙනවා. ඒ ආරක්‍ෂිත පියවරක් ලෙසයි .

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *