9 හැවිරිදි දියණියට අතවර කළ සීයා සහ අයියා
Spread the love
රාත්රියේදී 9 හැවිරිදි දැරියක් අනිසි අන්දමින් ස්පර්ශ කළ බව කියන 63 හැවිරිදි සීයා කෙනෙකු සහ 16 හැවිරිදි සොහොයුරෙකු රුපියල් ලක්ෂය බැගින්වූ ශරීර ඇප මත මුදා හරින ලෙස කළුතර වැඩබලන මහෙස්ත්රාත් බන්දුල වීරසිංහ මහතා නියම කර තිබේ.
මෙම දැරියගේ මව සහ පියා වෙන්වී සිටින අතර දැරිය මිත්තණියගේ භාරයේ සිට ඇත. ඇය තමාට සිදු වන අතවරය තම පියාට දැන්වීමෙන් පසු පියා ඒ පිළිබඳව ජාතික ළමාරක්ෂක අධිකාරියට කළ පැමිණිල්ල අනුව මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබිණි. සැකකාර 16 හැවිරිදි සොයුරාට ඇප නියම කළ විනිසුරුවරයා ජාතික ළමාරක්ෂක අධිකාරිය යටතේ මොහු භාරකරුවන්ට භාර දෙන ලෙස නියම කළේය. බේරුවල පොලිසිය මගින් මෙම සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.
What’s your Reaction?
+1
+1
+1
+1
+1
+1
+1