චන්ද්‍රිකාට බෝම්බ ගැසූ, ශ්‍රී ලංකාවට මත්කුඩු පොම්ප කළ කිඹුලා ඇලේ ගුණා මාට්ටු

Spread the love

මෙරට ප‍්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන කිඹුලාඇළේ ගුණා, ඔහුගේ පුත‍්‍රයා සහ පාතාල කල්ලි නායකයකු වන ‘බුම්බා’ ඉන්දීය පොලිසිය මගින් චෙන්නායි නුවරදී පෙරේදා (01දා* රාතී‍්‍ර අත්අඩංගුවට ගෙන ඇත.

ශී‍්‍ර ලංකා පොලිසිය මගින් ජාත්‍යන්තර පොලිසියට ලබාදී තිබූ රතු නිවේදනයක් අනුව ඉන්දීය පොලිසිය මගින් මෙම අපරාධකරුවන් තිදෙනා අත්අඩංගුවට ගත් බව මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය සරත් වීරසේකර මහතා ‘දිවයින’ට ඊයේ පැවසීය.
 
 මෙම අපරාධකරුවන් තිදෙනා ඉන්දියාවේ චෙන්නායි නගරයේ නිවසක සැඟවී සිටියදී ඉන්දීය පොලිසිය මගින් අත්අඩංගුවට ගත් අතර විමර්ශන කටයුතුවලින් පසු ඔවුන් ශී‍්‍ර ලංකාවට භාරදීමට නියමිතව ඇති බව ද අමාත්‍ය සරත් වීරසේකර මහතා පවසයි.
 
 ශී‍්‍ර ලංකාවට හෙරොයින් තොග පිටින් එවන මත්ද්‍රව්‍ය ජාලයේ ප‍්‍රධානම පෙළේ ජාවාරම්කරුවකු බව කියන සින්නයියා ගුණසේකර නොහොත් කිඹුලාඇළේ ගුණා මීට වසර 15 කට පමණ පෙර ඉන්දියාවට පළා ගොස් තිබිණි.
 
 කිඹුලාඇළේ ගුණා ඉන්දියාවේ චෙන්නායි නගරය කේන්ද්‍ර කරගෙන මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ අතර ඔහු යටතේ මෙරට ප‍්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ පාතාල ප‍්‍රබලයන් කීප දෙනකුම සේවය කර ඇත.
 
 ඉන්දීය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන සිටින ස්ටැන්ලි කෙනඩි ප‍්‍රනාන්දු නොහොත් ‘බුම්මා’ නමැති අපරාධකරු පසුගිය කාලසීමාවේ කොටහේන ප‍්‍රදේශයේ සිදු කළ මිනිස් ඝාතන රාශියකට සම්බන්ධ පාතාල නායකයකු බව පොලිසිය පවසයි.
 
 පූකුඩුකන්නා නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරු සමග එක්ව පාතාල කල්ලියක් මෙහෙය වූ බුම්බා නමැති පාතාල නායකයා මීට වසරකට පමණ උඩදී ඉන්දියාවේ චෙන්නායි නගරයට පළා ගොස් කිඹුලාඇළේ ගුණගේ කල්ලියට සම්බන්ධ වී මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ බව ද පොලිසිය පවසයි.
 
 මෙම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ පාතාල අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ශී‍්‍ර ලංකා පොලිසිය ජාත්‍යන්තර පොලිසියේ සහාය ලබා ගෙන තිබූ අතර ඔවුන් ශී‍්‍ර ලංකාවට රැුගෙන ඒමට ජාත්‍යන්තර පොලිසිය වෙත රතු නිවේදනයක් ද නිකුත් කර තිබිණි.

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *