Friday, October 18, 2024
HomeUncategorizedසංචාරක පැමිණීම අඩු වෙයි!

සංචාරක පැමිණීම අඩු වෙයි!

සැප්තැම්බර් මාසය සඳහා සංචාරක පැමිණීම් අපේක්ෂිත ප්‍රමාණයට වඩා අඩු මට්ටමක පවතින බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා පැවසීය.

වීසා නිකුත් කිරීම සඳහා පැනනැගී ඇති ගැටලුද ඊට එක් හේතුවක් විය හැකි බව පැවසීය.

පසුගිය මැයි මාසයේ සිට වීසා සැකසීමේ ආයතනය වෙනස් වීමත් සමග විදෙස් සංචාරකයන් සඳහා එම ක්‍රියාවලිය වඩාත් මිල අධික සහ දුෂ්කර වී තිබේ.

එහෙත් රටවල් 39 පුරවැසියන් සඳහා වීසා රහිත සංචාරක අවස්ථා ඔක්තෝබර් මාසයේදී ආරම්භ වීමට නියමිතයි.

2024දි සංචාරක පැමිණීමේ මිලියන 02.3 වන ඉලක්කය කරා ළඟාවීමට එමගින් හැකි වනු ඇතිබව පැවසීය.

සැප්තැම්බර් 01 සිට 17 වැනිදා දක්වා විදෙස් සංචාරකයන් 92739 මෙරට පැමිණ ඇතිබව සභාපතිවරයා පැවසීය.

ඒ සමඟ මෙරට පැමිණ ඇති සමස්ත විදෙස් සංචාරකයන් මිලියන 1.45 ඉක්මවාගොස් ඇතිබව වැඩිදුරටත් පැවසීය.

– නාගොඩ සුමන උදයන්ත

Loading

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments