Sunday, September 8, 2024
HomeWorld Newsලංකාව සහ බංග්ලාදේශය අතර මගී ප්‍රවාහන නෞකා සේවයක්! 

ලංකාව සහ බංග්ලාදේශය අතර මගී ප්‍රවාහන නෞකා සේවයක්! 

ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කෘෂි නවීකරණ වැඩසටහන සඳහා සිය සහාය ලබාදෙන බව බංග්ලාදේශ අග්‍රාමාත්‍යවරිය ෂෙයික් හසීනා පවසනවා.

ඉන්දියාවේ නවදිල්ලිහි දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ පැවති ද්විපාර්ශ්වික සාකච්ඡාවේ දී බංග්ලාදේශ අග්‍රාමාත්‍යවරිය ඒ බව සඳහන් කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මොදිගේ දිවුරුම්දීමේ උත්සවයට නවදිල්ලි නුවරට ගොස් සිටින අවස්ථාවේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහ බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනාගේ හමුව සිදුව තිබෙනවා.

සමූපකාර ක්‍රමවේදය අනුව බංග්ලාදේශයේ ක්‍රියාත්මක වන කෘෂිකර්ම නවීකරණ වැඩසටහන අධ්‍යයනය කොට එහි අත්දැකීම් ද ලබාගනිමින් ශ්‍රී ලංකාවේ කෘෂි නවීකරණ වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා ලාංකික කෘෂි ප්‍රවීණයන්ගෙන් සමන්විත කණ්ඩායමක් බංග්ලාදේශයට යැවීමටයි ජනාධිපතිවරයා එහිදී එකඟතාව පළ කර ඇත්තේ.

බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව අතර නිදහස් වෙළෙඳ ගිවිසුමක් අත්සන් තැබීම සම්බන්ධයෙන්ද එහිදී දෙපාර්ශ්වය සාකච්ඡා කර තිබෙනවා.

ඒ අනුව ඉන්දීය නිදහස් වෙළෙඳ ගිවිසුමේ කටයුතු අවසන් වූ පසු බංග්ලාදේශය සමඟද නිදහස් වෙළෙඳ ගිවිසුමක් අත්සන් තැබීමට හැකියාව පවතින බවයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දී ඇත්තේ.

බංග්ලාදේශයේ පෞද්ගලික ආයෝජකයන් ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා සඳහා යොමු කරන බවට ද බංග්ලාදේශ අග්‍රාමාත්‍යවරිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පොරොන්දු වී තිබෙනවා.

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර මගී ප්‍රවාහන නෞකා සේවයක් ආරම්භ කිරීම සම්බන්ධයෙන්ද එහිදී අවධානය යොමුව ඇති බව සඳහන්.

මැතිවරණයෙන් පසුව තමා බංග්ලාදේශයේ සංචාරයකට පැමිණෙන බවට ද ජනාධිපතිවරයා බංග්ලාදේශ අග්‍රාමාත්‍යවරිය වෙත ප්‍රකාශ කර ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

Loading

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments