Sunday, September 8, 2024
HomeWorld Newsඉන්දීය මහ මැතිවරණයෙන් මෝදිට ජය!

ඉන්දීය මහ මැතිවරණයෙන් මෝදිට ජය!

ඉන්දීය මහමැතිවරණයෙන් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ සන්ධානය මැතිවරණ ප්‍රතිඵළවලින් ජයග්‍රහණය කර තිබෙනවා.

ඒ අනුව 2024 ඉන්දීය මහ මැතිවරණයේ ජය හිමි කර ගැනීමට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ නායකත්වයෙන් යුත් භාරතීය ජනතා පක්ෂය නියෝජනය කරන ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය සමත්ව තිබෙනවා.

මේ සම්බන්ධයෙන් භාරතීය ජනතා පක්ෂයේ මූලස්ථානයේ සිට ජනතාව අමතමින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා තමන්ගේ ජයග්‍රහණය සම්බන්ධයෙන් සිය පාක්ෂිකයන්ට ස්තූතිය පළකර තිබෙනවා.

ඉන්දීය මැතිවරණ කොමිසම විසින් නිකුත් කරන ලද මහ මැතිවරණයේ අවසන් ප්‍රතිපළයට අනුව මෝදිගේ සන්ධානය පාර්ලිමේන්තුවේ ආසන 543න් 292ක් හිමිකරගෙන තිබෙනවා.

කෙසේ වෙතත් අවසන් වරට 2019 වසරේ පැවැති මහ මැතිවරණයට සාපේක්ෂව මෝදි විසින් මෙවර මැතිවරණ ප්‍රතිපළවලට අනුව ආසන 60ක් අහිමි කරගෙන ඇති බවයි ඉන්දීය මාද්‍ය වාර්තා කරන්නේ.

මේ අතර කොංග්‍රස් පක්ෂයේ නියෝජනයෙන් යුත් ඉන්දීය ජාතික සංවර්ධන සන්ධානය නැතහොන් ඉන්දියා (I.N.D.I.A) සන්ධානය ගියවරට සාපේක්ෂව මෙවර ආසන 141ක් දිනා ගනිමින් මෙවර පාර්ලිමේන්තුවේ ආසන 232 ක් හිමිකර ගෙන තිබෙනවා.

ගියවර මැතිවරණ ප්‍රතිපළ අනුව ඔවුන් දිනාගෙන ඇත්තේ ආසන 91ක් පමණක් වන අතර ගියවරට සාපේක්ෂව මෙවර දැවැන්ත නැගී සිටීමක් බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

එමෙන්ම සුළු පක්ෂ සඳහා ආසන 19ක බලයක්ද හිමිව තිබෙන අතර එය පසුගිය මැතිවරණයට සාපෙක්ෂව පසුබැසීමක් බවයි සඳහන් වන්නේ.

ගියවර සුළු පක්ෂ සඳහා 99ක ආසන ප්‍රමාණයක් හිමිව තිබූ නමුත් මෙවර මැතිවරණයේදී එය ආසන 80කින් අහිමිව ප්‍රධාන පක්ෂ දෙක අතරේ බෙදී ගොස් ඇති බවයි වාර්තා වෙන්නේ.

මේ අතර භාරතීය ජනතා පක්ෂයේ ප්‍රචාරක ව්‍යාපාරය මෙහෙයවා ඇත්තේ නරෙන්ද්‍ර මෝදි විසින්ම වන අතර ඔහු විසින් ප්‍රසිද්ධ රැස්විම් 200කටය වැඩි ගණනකට සහභාගී වී ඇතැයිද ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

ඇඩි ආරක්ෂාව මධ්‍යෙය් ඡන්ද ගනන් කිරීම ඉන්දීය වේලාවෙන් උදෑසන 8ට ආරම්භ වී ඇති බවත් සඳහන්.

Loading

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments