Home Local News සරත් අමුණුගම දිලිත්ව අතහැර යයි!

සරත් අමුණුගම දිලිත්ව අතහැර යයි!

0

හිටපු අමාත්‍යවරයෙකු මෙන්ම මව්බිම ජනතා පක්ෂයේ සභාපතිවරයා වන ආචාර්ය සරත් අමුණුගම එම පක්ෂ සභාපතිත්වයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

ඔහු සිය ඉල්ලා අස්වීම ඇතුලත් ලිපිය පක්ෂ නායක දිලිත් ජයවීර වෙත යොමු කර ඇතැයිද සඳහන්.

ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපියේදී දිලිත් ජයවීරගේ දේශපාලන කටයුතු වලට සුබපතා ඇතැයිද සඳහන්.

කෙසේ වෙතත් සරත් අමුණුගම පසුගියදා පැවැති ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ, හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල සහ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්න ජයසුමන ඇතුළු පිරිසක් සමග සන්ධාන ගතවීමේ පැවැති උත්සවයටද සහභාගී වී තිබුනේ නෑ.

කෙසේ නමුත් එම උත්සවය සඳහා ඔහුගේ දියණිය වන වරුණි අමුණුගම සහභාගී වී තිබෙනවා.

වාර්තා වන අන්දමට විමල් වීරවංශ ඇතුලු පිරිස සමග සන්ධාන ගතවීම සම්බන්ධයෙන් සරත් අමුණුගම මනාපයක් නොදක්වන බවත් සඳහන්.

NO COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version