Home Local News අපේ තාත්තා කවදාවත් එහෙම කලේ නෑ..

අපේ තාත්තා කවදාවත් එහෙම කලේ නෑ..

0

මැතිවරණ කල් දැමීම කිසිඳු ප්‍රජාතන්ත්‍රවාදයකට අනුකූල නොවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ අද දින නෙළුම් මාවතේ පැවති රැස්වීමක් අවසානයේදී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින්.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සඳහන් කළේ ජනාධිපතිවරයාගේ සහ පාර්ලිමේන්තුවේ කාලසීමාව දීර්ඝ කිරීම ප්‍රජාතන්ත්‍රවාදී රටක මූලික ප්‍රතිපත්තිවලට හානි කර බවයි.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා බලයේ සිටි කාලයේදී නියමිත වේලාවට මැතිවරණ පැවති බවත්, කිසිඳු ආකාරයකින් මැතිවරණ කල් දැමීම නොකළ බවත් ඔහු ප්‍රකාශ කළා.

රටක ස්ථාවරත්වය ඇති විය යුත්තේ ජනතා කැමැත්තෙන් මිස ඔවුන්ගේ හඬ ප්‍රමාද කිරීමෙන් නොවන බවයි පාර්ලිමෙන්තු නාමල් රාජපක්ෂ මෙහිදී අවධාරණය කළේ.

ඔහු මේ පිළිබඳව X සටහනක්ද තබා තිබුණේ මෙලෙසින්.

NO COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version