Home Local News “ජනමත විචාරනයක්” පාර්ලිමේන්තුවට සහ ජනාධිපතිට තවත් වසර 2ක්?

“ජනමත විචාරනයක්” පාර්ලිමේන්තුවට සහ ජනාධිපතිට තවත් වසර 2ක්?

0

ජනාධිපතිවරයාගේ හා වත්මන් පාර්ලිමේන්තුවේ නිල කාලය තවත් වසර දෙකකින් දීර්ඝ කිරීමට ජනමත විචාරණයක් පැවැත්විය යුතු යැයි එක්සත් ජාතික පක්ෂය විසින් යෝජනා කරයි.

එම පක්ෂයේ මහ ලේකම් හිටපු අමාත්‍ය පාලිත රංග බණ්ඩාර මහතා විසින් අද මෙම යෝජනාව ඉදිරිපත් කරන ලදී.

මේ මොහොතේ ඇති හොඳම විකල්පය මෙය බවද පැවසූ ඔහු ජාත්‍යන්තර මුල්‍ය අරමුදල, ලෝක බැංකුව හා අනෙකුත් ජාත්‍යන්තර ආයතනය සමඟ ගිවිසුම් වලට එළැඹ ඇති නිසා මෙය අත්‍යවශ්‍ය තත්ත්වයක් බවද හෙතෙම කියා සිටියේය.

ආර්ථිකය ස්ථාවර කිරීම සඳහා ගෙනයන ව්‍යායාම සාර්ථක කිරීම කරගැනීමට ජනාධිපතිගේ හා පාර්ලිමේන්තු කාලසීමාව දීර්ඝ කළ යුතු බවද ඔහු පෙන්වා දෙයි.

ඒ සඳහා ජනමත විචාරණයක් යෝජනා කරන්නේ වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය එය වන නිසා බවද ඔහු තවදුරටත් පැවසුවේය.

NO COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version