Home Local News නුවර පාර කඩුගන්නාවෙන් වහයි!

නුවර පාර කඩුගන්නාවෙන් වහයි!

0

අවදානම් සහිත ගල් ඉවත් කිරීම සඳහා අනිද්දා (28) නුවර – කොළඹ ප්‍රධාන මාර්ගය පහළ කඩුගන්නාව ප්‍රදේශයෙන් වසා දැමීමට තීරණය කල බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

එය වසා දමන වේලාව සම්බන්ධයෙන් ඉදිරියේදි දැනුවත් කිරීමට නියමිතයි.

එම ගල් ඉවත් කිරීම සඳහා පැය දෙකක පමණ කාලයක් අවම වශයෙන් ගතවනු ඇතිබව එම සංවිධානය පවසයි.

පවතින අධික වැසි සහිත කාලගුණ තත්වය හමුවේ පහළ කඩුගන්නාව ප්‍රදේශයෙන් මහනුවර කොළඹ ප්‍රධාන මාර්ගයට ගල් පෙරලීමෙ අවධානමක් පවතියි.

ඒ හේතුවෙන් එම කොටසේ රථවාහන ධාවනය කිරීමේ වඩාත් සැලකිලිමත් විය යුතුය.

හැකිතාක් විකල්ප මාර්ග ඒ සඳහා භාවිතා කිරීම ඉතා වැදගත් බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

– නාගොඩ සුමන උදයන්ත

NO COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version