තම පුත්‍රයා කොතලාවල සරසවියේ අධ්‍යාපනය ලැබීම තම පක්ෂයේ ප්‍රතිපත්තිය හා එකඟ බව ජාතික ජන බලවේගය ජාතික විධායක සභික නීතිඥ සුනිල් වටගල මහතා සඳහන් කරයි.
ජාතික ජන බලවේගය ලෙස පෞද්ගලික අධ්‍යාපනයට විරුද්ධ නැති බවද හෙතෙම සඳහන් කළේය.
නමුත් මෑතකදී රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද පෞද්ගලික විශ්ව විද්‍යාල පනතට විරුද්ද වූයේ එමගින් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ බලතල ඉක්මවන නිසා බවත් ඒ මහතා පැවසීය.
ජාතික රූපවාහිනියේ පැවැති වැඩසටහනක් දී ඒ මහතා මෙම අදහස් පළ කරන ලදී.
තම පක්ෂයේ මන්ත්‍රීවරුන් කිසිදු අවස්ථාවක බදු රහිත බලපත්‍ර විකුණා නැති බවද පැවසුව ඔහු 2016 වසරෙන් පසු වාහන බලපත් ලබාගෙන නැති බවද සඳහන් කළේය.