Home Local News කාන්තාවන්ට අතවර කරන පාර්ලිමේන්තු ලොක්කා!

කාන්තාවන්ට අතවර කරන පාර්ලිමේන්තු ලොක්කා!

0

පාර්ලිමේන්තුවේ කාන්තාවන්ට අයුතු යෝජනා කරමින් විනය විරෝධී ලෙස හැසිරී ඇති අංශ ප්‍රධානියකු සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇතැයි වාර්තා වෙයි.

පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරියගේ උපදෙස් මත මෙම විමර්ශනය ආරම්භ කර ඇත.

අදාළ නිලධාරියා සේවිකාවන්ට උසස්වීම් පිරිනැමීමේදී හා අලුතින් බඳවා ගැනීමේදී ලිංගික අල්ලස් ඉල්ලා දිගින් දිගටම බලපෑම් කරන බවට හෙළි වීමෙන් පසු මෙම විමර්ශනය අරඹා තිබේ.

මේ පිළිබඳව ඇතැම් සේවිකාවන් ලිඛිතවම කරුණු ඉදිරිපත් කර ඇත.

මේ අතර තවත් සේවිකාවන් පිරිසකට ලිංගික අඩත්තේට්ටම් කරන ලදැයි කියන සිදුවීමක් පිළිබඳව පාර්ලිමේන්තුවේ ගෘහ පාලන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසකට විරුද්ධවද මීට පෙර විනය ක්‍රියා මාර්ග ගෙන තිබින.

NO COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version