Home Local News ඉරාන ජනපති මහින්දට එවූ ත්‍යාගය ජනපති මියගිය දිනයේදීම ලැබෙයි!

ඉරාන ජනපති මහින්දට එවූ ත්‍යාගය ජනපති මියගිය දිනයේදීම ලැබෙයි!

0

ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි විසින් කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාට එවා තිබු ත්‍යාගයක් විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් අමාත්‍යවරයාට ඊයේ (20) දින භාර දී තිබෙනවා.

අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඉරානයේ රාජ්‍යතාන්ත්‍රික සංචාරයක නිරතවීමට මින් පෙර නියමිතව තිබු අතර කෙසේ වෙතත් එය අවලංගු කෙරුණා.

උමා ඔය විවෘත කිරීම සඳහා ඉරාන ජනාධිපතිවරයා මෙරටට පැමිණි අවස්ථාවේදී ඔහුගේ පරිවාර අමාත්‍යවරයා ලෙස කටයුකු කළේ මහින්ද අමරවීර මහතායි.

අමාත්‍යවරයාගේ ඉරාන සංචාරය අවලංගු නොකරන ලෙසත්, ඉරානයට පැමිණෙන ලෙසත් ජනාධිපතිවරයා විසින් එම අවස්ථාවේදී අමාත්‍යවරයාට ආරාධනා කර තිබෙනවා.

ඒ අනුව ඉරානයේ සංචාරයකට එක්වූ අමාත්‍ය මහින්ද අමරවීර මහතා එරට විදේශ හා කෘෂිකර්ම අමාත්‍යවරයා මුණගැසී ඇති අතර ඉරාන ජනාධිපතිවරයා මුණගැසී නොමැති බවයි වාර්තා වන්නේ.

මහින්ද අමරවීර මහතා යළි මෙරටට පැමිණීමෙන් අනතුරුව ඉරාන ජනාධිපතිවරයා විසින් ඔහුට ත්‍යාගයක් එවීමට කටයුතු කර තිබෙනවා.

එරට ආගමික සංකේතයක් වන අදාළ ත්‍යාගය අමාත්‍යවරයාට ලැබී තිබුණේ ඉරානයේ ජනාධිපතිවරයා මියගොස් ඇති බවට එරට විසින් තහවුරු කරන ලද ඊයේ (20) දිනයේදීයි.

NO COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version