Home Local News ක්‍රීඩක වෙන්දේසියට පෙර සිදු වූ රහසිගත හමුවීම්!

ක්‍රීඩක වෙන්දේසියට පෙර සිදු වූ රහසිගත හමුවීම්!

0

තරග පාවා දීම් සම්බන්ධයෙන් පොලිසිය තවදුරටත් විමර්ශන ආරම්භ කර ඇති බවට තොරතුරු වාර්තා වනවා.

ඒ, ලංකා ප්‍රිමියර් ලීගයේ දඹුල්ල තණ්ඩර්ස් කණ්ඩායමේ හිමිකරුවන් ටමීම් රහ්මාන් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති පසුබිමකයි.

තරග පාවාදීම් පිළිබඳ ක්‍රීඩක ඒජනත්යන් කිහිප දෙනෙකු සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වී ඇති බව සඳහන්.

ඒ අනුව ඉදිරියේ දී සැක කටයුතු කිහිප දෙනෙකු අත්අඩංගුවට ගනු ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.

ක්‍රීඩක වෙන්දේසියට පෙර දින කොළඹ භෝජනාගාරයක ටමීම් හා ක්‍රීඩක ඒජන්තයකු තවත් ක්‍රීඩකයන් කිහිප දෙනකු සමඟ පවත්වන ලද රහසිගත හමුවක් පිළිබඳව තොරතුරු අනාවරණ වී ඇති බව සඳහන්.

මේ අතර වෙන්දේසිය අතරතුර පුහුණුකරුවන් සහ පිටත සිටි ඒජනත්යන් අතර වරින් වර දුරකතන සංවාදවල නිරත වී තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් ද විමර්ශකයන්ගේ අවධානය යොමු වී ඇති බව සඳහන්.

ක්‍රීඩක වෙන්දේසිය අතරතුර ICC දූෂණ මර්දන ඒකකයේ නිලධාරින් මෙන්ම වෙස්වලාගත් ඔවුන්ගේ ඔත්තුකරුවන් කිහිප දෙනෙකු ද සිටි බවටයි තොරතුරු වාර්තා වන්නේ.

මේ අතර Imperial Sports Group ප්‍රධාන විධායක නිලධාරී තමිම් රහ්මාන් අත්අඩංගුවට ගැනීමත් සමඟ දඹුල්ල තණ්ඩර්ස් කණ්ඩායමේ ගිවිසුම අවලංගු කෙරුණා.

ඒ අනුව මෙවර තරගාවලියට කණ්ඩායම් හතරක් පමණක් ක්‍රීඩා කරනු ඇති බවටයි මීට පෙර තොරතුරු වාර්තා වුණේ.

කෙසේ වෙතත් ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය සැලසුම් කළ පරිදි ඉදිරියට පවත්වාගෙන යන බව එහි සංවිධාන කටයුතු භාර Innovative Production Group FZE ආයතනය නිවේදනය කළා.

ඒ අනුව Dambulla Thunders කණ්ඩායම නව හිමිකාරීත්වයක් යටතේ තරගාවලියට සහභාගී වනු ඇති.

තරග කාල සටහනේ කිසිදු වෙනසක් සිදු නොකර සැලසුම් කළ පරිදි තරග සියල්ල පැවැත්වීමට නියමිතයි.

LPL තරගාවලිය ජුලි 1 වැනිදා සිට 21 වැනිදා දක්වා පැවැත්වීමට සැලැසුම් කර තිබුණා.

NO COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version