Home Local News 20න් පස්සේ විවාද බෑ – රටටම විහිලුවක් වූ සජිත් අනුර විවාදය!

20න් පස්සේ විවාද බෑ – රටටම විහිලුවක් වූ සජිත් අනුර විවාදය!

0

මැයි මස 20 වැනිදායින් පසු සමගි ජන බලවේගය සමග විවාදය සිදු නොකරන බව ජාතික ජන බලවේගය සඳහන් කරන ලද බව අද පුවත්පත වාර්තා කරයි.

සමගි ජන බලවේගය පක්ෂයට පෙර දැනුම් දුන් පරිදි මෙම 20 වැනිදාට ප‍්‍රථම විවාදය පැවැත්වීමට නොහැකිවීම මත එම තීරණය ගත් බවද එම පක්ෂය පවසා ඇත.

කෙසේ වෙතත් සමගි ජන බලවේගය විසින් විවාද සඳහා දින හතර බැගින් නම්කර ලබාදී ඇතත් ඊට ද එකඟ නොවන බව එම පක්ෂය කියා සිටී.

සමගි ජන බලවේග විසින් යෝජනා කර තිබුණේ පළමුව ආර්ථික කමිටු විවාදය පවත්වා දෙවනුව නායකයන් අතර විවාදය පැවැත්වීමටයි.

නමුත් ජාතික ජන බලවේගයේ ස්ථාවරය වන්නේ පළමුව නායකයන් අතර විවාදය පවත්වා ආර්ථික කමිටු විවාදය දෙවනුව පැවැත්වීමය.

NO COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version