Home Local News කොල්ලෝ 17ක් එක්ක කෙල්ලෝ 5ක් රෑ ජාමේ නකල්ස් වලින් අල්ලයි!

කොල්ලෝ 17ක් එක්ක කෙල්ලෝ 5ක් රෑ ජාමේ නකල්ස් වලින් අල්ලයි!

0

නකල්ස් රක්ෂිතයේ අනවසරයෙන් ගිනිමැල පත්තුකරමින් කූඩාරම් අටවාගෙන සිටි තරුණියන් 5 දෙනෙකු සහ තරුණයන් 17 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පෙරේදා (12) මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇති අතර අත්අඩංගුවට ගත් සැකකරුවන් බණ්ඩාරවෙල, කොළඹ, බදුල්ල සහ මහනුවර ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල පදිංචිකරුවන් වන බවත් ඔවුන් අවුරුදු 20-30ක් අතර පසුවන්නන් බවත් හුන්නස්ගිරිය අඩවි වන නිලධාරි කාර්යාලය පවසනවා.

මෙම කණ්ඩායමේ විශ්ව විද්‍යාල සිසුන්, ආරක්ෂක අංශයට සම්බන්ධ යැයි කියන පුද්ගලයෙකු සහ පෞද්ගලික අංශයේ රැකියාවල නියුතු පුද්ගලයින්ද සිටින බවත් අනාවරණය වී තිබෙනවා.

කණ්ඩායමේ කිහිප දෙනෙකුගේ සම්බන්ධීකරණයෙන් ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ දිවයිනේ විවිධ ප්‍රදේශවලින් තරුණ තරුණියන් මෙම කූඩාරම් ගැසීමට සම්බන්ධ වී නකලස් රක්ෂිතයට මෙසේ අනවසරයෙන් ඇතුළු වී ඇති බවයි වාර්තා වෙන්නේ.

NO COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version