Home Local News සියළු වාහන ආනයන සීමා ඉවතට – ගෙන්වන්නේ මෙන්න මෙහෙමයි!

සියළු වාහන ආනයන සීමා ඉවතට – ගෙන්වන්නේ මෙන්න මෙහෙමයි!

0

2025 වසරේ සිට සියළු වාහන ආනයනය කිරීමට සැලසුම් කර ඇති බව මුදල් රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ මහතා සඳහන් කරයි.

ඒ සඳහා ක්‍රමානුකූලව ආනයන සීමාවන් ලිහිල් කර කිරීමට කටයුතු කරන බවද හෙතෙම කියා සිටියේය.

ඒ මහතා මේ බව කියා සිටියේ අනුරාධපුර ප්‍රදේශයේදී මාධ්‍ය අමතමිනි.

‘තෝරගත්ත පිරිසකට වාහන ආනයනය කරන්න අවසර ලබාදෙන්නේ නැහැ. මෙතෙක් වාහන ආනයනය කිරීමට අවසර ලබාදීලා තියෙන්නේ වාණිජමය අවශ්‍යතාවයන් සඳහා පමණයි ඒ කියන්නේ ආර්ථිකයට යම් කිසි දායකත්වයක් දැක්වීම සඳහා ආර්ථික ක්‍රියාවලියකට සහ වාණිජමය ක්‍රියාවලියකට යොමුවෙන අයට විතරයි මෙතෙක් වාහන ආනයනය අවකාශය දීලා තියෙන්නේ.

අද සීමාවක් තියෙනවානම් ආනයනය සම්බන්ධයෙන් මෙම සීමාව පුද්ගලික භාවිතාව සඳහා ආනයනය කරනා වාහන පමණයි. එතකොට ඒ සීමාවත් ඉදිරියේදී ලිහිල් වේවි. ලබන අවුරුද්ද වෙද්දි ඒක ලිහිල් වේවි. හැබැයි විවෘත වීමත් යම් ක්‍රමාණුකූල විවෘත වීමක් බවට පත්විය යුතුයි’

NO COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version