Home Local News සියළු ගොවීන් රජවරුන් කරනවා!

සියළු ගොවීන් රජවරුන් කරනවා!

0

අද වන විට සමගි ජන බලවේගයට සියලු පාර්ශ්වයන් බිය වී සිටින බව එම පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

එනිසා සියලු විරුද්ධ පාර්ශ්වයන් එක් වී සමගි ජන බලවේගයට එරෙහිව කුමන්ත්‍රණ ක්‍රියාත්මක කරමින් සිටින්නේ යයිද ඔහු පැවසීය.

නුදුදීම බණ්ඩාරනායක මහත්මියගේ පාර්ශවයත් තම සන්ධානයට එක් වන බවද ඔහු පැවසුවේය.

ඒ මහතා මෙම අදහස් පළ කරන ලද්දේ සමග ජන බලවේගය විසින් අම්පාර නගරයේදී පැවති ජන හමුවක් අමතමිනි.

තම රජය යටතේ ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තියක් නිර්මාණය කර ඒ හරහා සියලු ගොවීන් රජවරුන් බවට පත් කරන බවද හෙතෙම එහිදී තව දුරටත් කියා සිටියේය.

NO COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version