Home Local News මා ජනාධිපති වුනාම සියළු මත්පැන් බලපත‍්‍ර අහෝසි කරනවා!

මා ජනාධිපති වුනාම සියළු මත්පැන් බලපත‍්‍ර අහෝසි කරනවා!

0

වත්මන් රජය විසින් බෙදා දෙන ලද මත්පැන් බලපත‍්‍ර සියල්ල ඉදිරියේ පිහිටුවන තම රජයකදී අහෝසි කර දමන බව විපක්ෂ නායක හා සමගි ජනබලවේග නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

එහිදී පක්ෂ විපක්ෂ කිසිදු සබඳතාවයක් නොබලන බවත් එම සියලු බලපත්‍ර අහෝසි කිරීමට කටයුතු කරන බවත් හෙතෙම කියා සිටියේය.

දැනට රජය විසින් ලබා දී ඇති මත්පැන් බලපත්‍ර ලබාගත් පුද්ගලයන්ගේ නම් හෙළිදරව් කිරීමටද රජය කටයුතු කළ යුතු බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

අද පාර්ලිමේන්තුව අමතමින් ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.

NO COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version