Home Uncategorized ලොව විශාලම තේ අපනයනකරු ලංකාවේ බ්‍රවුන්ස්!

ලොව විශාලම තේ අපනයනකරු ලංකාවේ බ්‍රවුන්ස්!

0

ශ්‍රී ලාංකිකයන්ට ආඩම්බරයක් සහ කීර්තියක් ගෙන දෙමින් ලොව ලොකුම තේ අපනයනකරුවා බවට ශ්‍රී ලංකාවේ බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී සමාගම පත්වී තිබේ.

එම සමාගම ලොව විශාලතම තේ සමාගම වන LIPTON Teas and Infusions ගිවිසුමකට එළඹීමත් සමඟ මෙය සිදුවී තිබේ.

මෙම ගිවිසුමට අනුව LIPTON Teas and Infusions සතු කෙන්යාවේ, රුවන්ඩාවේ සහ ටැන්සානියාවේ තිබෙන තේ වතු, බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් වෙත පැවරෙනු ඇත.

ඒ අනුව අදාළ තේ වතුවල අස්වැන්න LIPTON Teas and Infusions වෙත සැපයීම බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් විසින් තවදුරටත් සිදුකිරීමට නියමිතය.

මෙම දිගුකාලීන හවුල්කාරිත්වයට අනුව බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් විසින් වාර්ෂිකව තේ කිලෝග්‍රෑම් මිලියන 87ක් පමණ ලොව විශාලතම තේ සමාගම වන LIPTON Teas and Infusions වෙත සපයනු ඇත. ඒ අනුව ලොව විශාලතම තේ අපනයනකරුවා බවට බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පත්වන බව වාර්තා වේ.

මෙය බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් විසින් සිදුකළ දෙවන විදෙස් ව්‍යාපාර අත්පත් කර ගැනීම වන අතර මීට පෙර පසුගිය වසරේදී James Finlay (Kenya) සමාගම ද සිය ව්‍යාපාර ගොනුව යටතට ගැනීමට ද බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් සමත්විය.

බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී ශ්‍රී ලංකාවේ විශාලතම තේ නිෂ්පාදන සමාගම්වලින් එකක් වන අතර මතුරට ප්ලාන්ටේෂන්ස් ලිමිටඩ්, උඩුපුස්සැල්ලාව ප්ලාන්ටේෂන්ස් පීඑල්සී සහ හපුගස්තැන්න ප්ලාන්ටේෂන්ස් පීඑල්සී හරහා එය වතු 49ක් කළමනාකරණය කරනු ලබයි.

ජයසිරි මුණසිංහ

NO COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version