Home Local News අදානිගෙන් විසි අවුරුද්දකට විදුලිය ගන්න අනුමැතිය!

අදානිගෙන් විසි අවුරුද්දකට විදුලිය ගන්න අනුමැතිය!

0

ඉන්දියාවේ M/s Adani Green Energy Limited විසින් මන්නාරම සහ පුනරින්හි සුළං විදුලි බලාගාර සංවර්ධනය කිරීම සඳහා අවබෝධතා ගිවිසුමකට එළඹීම පිණිස 2022-03-07 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත.

ඒ අනුව, එම සමාගම විසින් ඉදිරිපත් කරන ලද ව්‍යාපෘති යෝජනාව ඇගයීම පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද සාකච්ඡා සම්මුති කමිටුවක් පත් කරනු ලැබ තිබේ.

එකී කමිටුවේ නිර්දේශ මත පදනම්ව යෝජිත ව්‍යාපෘතිය යටතේ නිපදවන විදුලිය සඳහා කිලෝවොට් පැයකට ඇමෙරිකානු ඩොලර් ශත 8.26 ක අගය (සැබෑ විනිමය අනුපාතය අනුව ශ්‍රී ලංකා රුපියල්වලින් ගෙවීමට යටත්ව) අවසන් ගාස්තුව වශයෙන් පිළිගැනීමටත්, වසර 20 ක කාල සීමාවක් සඳහා M/s Adani Green Energy SL Limited වෙත විදුලිය මිල දී ගැනීමේ ටෙන්ඩරය පිරිනැමීමටත් විදුලි බල හා බල ශක්ති අමාත්‍ය තුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී

NO COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version