Home Local News ජනාධිපති අරමුදලෙන් තවත් ශිෂ්‍යත්ව වැඩසටහන් 02ක්!

ජනාධිපති අරමුදලෙන් තවත් ශිෂ්‍යත්ව වැඩසටහන් 02ක්!

0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි ජනාධිපති අරමුදල විසින් දැනට ප්‍රදානය කරනු ලබන ශිෂ්‍යත්ව වැඩසටහන්වලට අමතරව තවත් ශිෂ්‍යත්ව වැඩසටහන් 02ක් ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව පිරිවෙන් හා සීලමාතා අධ්‍යාපන ආයතනවල ඉගෙනුම ලබන ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා, සීලමාතාවන් හා ගිහි ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් මෙන්ම අ.පො.ස (උසස් පෙළ) තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂයය විෂයයක් ලෙස හදාරනු ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා ද 2024 මැයි මස සිට ක්‍රියාත්මක වන පරිදි මෙම ශිෂ්‍යත්ව ප්‍රදානය සිදු කිරීමට නියමිතය.

ඒ අනුව දිවයින පුරා පිහිටි පිරිවෙන් හා සීලමාතා අධ්‍යාපන ආයතන 822ක් ආවරණය වන පරිදි මෙය ක්‍රියාත්මක කෙරෙණු ඇත.

මේ යටතේ එක් පිරිවෙනකට/ සීලමාතා අධ්‍යාපන ආයතනයකට පිරිනැමෙන උපරිම ශිෂ්‍යත්ව සංඛ්‍යාව 06කි.

කාණ්ඩ දෙකක් යටතේ මෙම ශිෂ්‍යත්ව ප්‍රදානය කෙරෙන අතර, ඉන් ගිහි පැවිදි ශිෂ්‍යත්වලාභීන් 5,000ක් සඳහා ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමට අපේක්ෂා කෙරේ.

පළමු කාණ්ඩය යටතේ මසකට රුපියල් 3,000 බැගින් 2024 මැයි මස සිට මාස 12ක් සඳහා ද, දෙවන කාණ්ඩය යටතේ මසකට රුපියල් 6,000/- බැගින් මාස 24ක් සඳහා ද ශිෂ්‍යත්ව ප්‍රදානය කරනු ලැබේ.

අ.පො.ස (සාමාන්‍ය පෙළ) විභාගයට පෙනී සිට එම විභාගය සමත්ව අ.පො.ස (උසස් පෙළ) හැදෑරීමට සුදුසුකම් ලබන, දැනට තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂයය විෂයයක් ලෙස හදාරනු ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා අනෙක් ශිෂ්‍යත්ව වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

මෙම ශිෂ්‍යත්ව වැඩසටහනද දිවයිනේ සියලුම අධ්‍යාපන කලාප ආවරණය පරිදි ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

අධ්‍යාපන කලාපයකට අවම වශයෙන් ශිෂ්‍යත්ව 50ක් ලබාදීමට සැලසුම් කර ඇත.

මේ සඳහා සුදුසුකම් ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට 2024 මැයි මස සිට අ.පො.ස (උ.පෙළ) විභාගයට පෙනී සිටින තෙක් මාස 24ක උපරිම කාල සීමාවකට යටත්ව මසකට රුපියල් 6,000 බැගින් ශිෂ්‍යත්ව මුදල් ප්‍රදානය කරනු ලබයි.

NO COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version