Home Local News හෙද සේවකයන්ගේ විශ්‍රාම වයසේ වෙනසක්!

හෙද සේවකයන්ගේ විශ්‍රාම වයසේ වෙනසක්!

0

හෙද කාර්ය මණ්ඩලයේ ඇතුළු ඇතැම් සෞඛ්‍ය සේවාවල විශ්‍රාම යාමේ වයස අවුරුදු 61 දක්වා දිර්ඝ කරන ලෙස ඉල්ලා අමාත්‍ය මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළ බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසනවා.

අද (07) පාර්ලිමේන්තුවෙදී මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේ.

මේ අතර හෙද සේවයට අලුතින් 3,000ක පමණ ප්‍රමාණයක් බඳවා ගැනීමට නියමිත බව ද පැවසු අමාත්‍යවරයා, ඒ සඳහා අයදුම්පත් කැඳවා සම්මුඛ සාකච්ඡා පවත්වා අවසන් බව ද කියා සිටියා.

ඒ අනුව නුදුරේදීම ඔවුන්ව හෙද සේවයට අනුයුක්ත කළ හැකි බවත් මේ වනවිට හෙද සේවයේ 45,000ක් සිටින බවත් පුරප්පාඩු ඇත්තේ 1,000ක් වැනි ප්‍රමාණයක් බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවා.

NO COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version