Home Local News පරතරය අඩු වෙයි – ජනපති සමීක්ෂණයේ ප්‍රතිඵල මෙන්න!

පරතරය අඩු වෙයි – ජනපති සමීක්ෂණයේ ප්‍රතිඵල මෙන්න!

0

ජනාධිපතිවරණයේ දී සජිත් ප්‍රේමදාස සහ අනුර කුමාර දිසානයක යන මහත්වරුන් අතර පවතින පරතරය අඩු වී තිබෙනවා.

ඒ, සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය විසින් නිකුත් කර ඇති මාර්තු මාසයට අදාළ වාර්තාවකින්.

එහි දී ජාතික ජනබලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට හිමි වී ඇති කැමැත්ත සියයට 44ක්.

එය පසුගිය පෙබරවාරි මාසයට සාපේක්ෂව සියයට දෙකක අඩුවක් වනවා.

එමෙන්ම සමගි ජනබලවේගයේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජනතා ප්‍රසාදය සියයට දෙකකින් ඉහළ ගොස් ඇති බව එහි සඳහන්.

ඒ මහතාට හිමිව ඇති කැමැත්ත සියයට 41ක්.

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ඇති ජනතා අභිප්‍රාය සියයට 8ක් වන අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂකයාට හිමිව ඇත්තේ, සියයට 7ක ජන කැමැත්තක් පමණයි.

මෙම සමීක්ෂණය සඳහා පුද්ගලයින් 16,248 දෙනෙකු සම්බන්ධ කරගෙන තිබෙනවා.

එහි දී සම්මුඛ පරීක්ෂණ 527ක් පවත්වා ඇති බව සඳහන්.

ඉදිරි සතිවලදී දත්ත රැස් කරන විට වඩාත්ම මෑත මාසවල ඇස්තමේන්තු නැවත වෙනස් වීමට යටත් වන බවයි, සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය සඳහන් කළේ.

ඒ අනුව මෙම ප්‍රතිඵල තාවකාලික අගයන් වනු ඇති බව ද ඔවුන් වැඩිදුරටත් නිවේදනය කළා.

NO COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version