Home World News ඡන්දදායකයින්ට නොමිලේ බියර්!

ඡන්දදායකයින්ට නොමිලේ බියර්!

0

දකුණු ඉන්දියාවේ බෙංගාලෝර් නගරයේ බොහෝ සමාගම් මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කරන පුද්ගලයින්ට නොමිලේ ආහාරවල සිට කුලී රථ සවාරි දක්වා දිරිගැන්වීම් රාශියක් පිරිනමන බව වාර්තා වනවා.

කර්නාටක ප්‍රාන්තයේ පිහිටා ඇති බෙංගාලූරුවේ අඩු ඡන්ද ප්‍රතිශතය හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

එබැවින් හෝටල්, කුලී රථ සේවා සහ වෙනත් සමාගම් තම ඡන්දය ප්‍රකාශ කිරීමට ජනතාව දිරිමත් කිරීමට නොමිලේ බියර්, වට්ටම් සහිත කැබ් රථ සවාරි සහ නොමිලේ සෞඛ්‍ය පරීක්‍ෂණ ආදිය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

සමහර ආහාර අලෙවිසැල්වලදී, පාරිභෝගිකයින්ට ඔවුන් ඡන්දය දුන් බවට සාක්ෂියක් ලෙස නොමැකෙන තීන්ත සහිත ඇඟිල්ල පෙන්වීමෙන් පසුව මේ පහසුකම් ලබා ගත හැකි බව සඳහන්.

ඉන්දියාවේ අදියර හතකින් යුත් මැතිවරණයේ දෙවන වටයේ ඡන්දය ප්‍රකාශ කිරීම හෙට බෙංගාලූරුවේ සිදුකිරීමට නියමිතයි.

NO COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version