Home Local News පාස්කු ප්‍රහාරය ගැන වීරවංශ දැන් කියන කතාව!

පාස්කු ප්‍රහාරය ගැන වීරවංශ දැන් කියන කතාව!

0

මෙරට අන්තවාදය නිර්මාණය වීමට හේතුව ‘ආගමික විශ්වාසයන් අතර බෙදීම ඇතිකිරීම’ බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසනවා.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වන විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා ජනාධිපති කොමිසම් සභා වාර්තාවක ප්‍රකාශයක් උපුටා දක්වමින් මේ බව කියා සිටියා.

අන්තවාදය පිළිබඳ ජනාධිපති කොමිසම් සභා වාර්තාවක සඳහන් කරුණු කිහිපයක් එහිදී ඔහු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.

‘රැඩිකල්කරණය සාමාන්‍යයෙන් අර්ථ දැක්වෙන්නේ සමාජ වෙනසක් ඇතිකිරීමේ මාධ්‍යක් ලෙස ප්‍රචණ්ඩත්වය භාවිත කිරීමට සහායදීම හෝ පහසුකම් සැලසීම ඇතුළුව අන්තවාදී විශ්වාස පද්ධතියක් අනුගමනය කිරීමේ ක්‍රියාවලියක් ලෙසයි..

ජාත්‍යන්තරව පොදුවේ පිළිගැනීමට ලක්වන ආකාරයට ත්‍රස්තවාදය යනු දේශපාලන හෝ දෘෂ්ටිවාදාත්මක අරමුණු සාක්ෂාත් කරගැනීමේ දී සිවිල් වැසියන් ඉලක්ක කරගත් ප්‍රචණ්ඩ ක්‍රියාවලියයි..

ඔවුනට වෙනත් ජනකොටස් වෙනත් ඇදහිලි කණ්ඩායම් හෝ වෙනත් ජනවාර්ගික කණ්ඩායම්වල මිතුරන් අවශ්‍ය නොවේ.. ඒ ආකාරයෙන් හුදකලා වු ඔවුන් අන්තවාදීන් ලෙස පත්කරනු ලබයි.. සහරාන් සිය කතාවල ආරම්භය සනිටුහන් කර ඇත්තේ මුස්ලිම් මිතුරන්, ‘අල්ලා’ පිළිගෙන අනුගමනය කරන අය පමණක් බවයි. ‘

මෙම අන්තවාදී ක්‍රියා හේතුවෙන් මෙරට පළමුවෙන් පීඩා වින්දේ කතෝලිකයන් නොව සාම්පදායික මුස්ලිම්වරුන් බවයි මන්ත්‍රීවරයා සභාවේදී අවධාරණය කළේ.

එලෙස සම්ප්‍රදායික මුස්ලිම්වරුන්ට පහර දෙනවිට අවශ්‍ය කළ නීතිය ක්‍රියාත්මක වූවා නම් සහ බුද්ධි අංශ ක්‍රියාත්මක වූවා නම් මෙලෙස පාස්කු ප්‍රහාරය වැනි මිලෙච්ඡ ඝාතනයක් සිදුනොවනු ඇති බව එහිදී විමල් වීරවංශ මහතා පෙන්වා දුන්නා.

එම ප්‍රහාරය වලක්වා ගැනීමට තිබු බවද ඔහු එහිදී වැඩිදුරටත් කියා සිටියේ.

NO COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version