Home Local News මාලිමා ආණ්ඩුවක් ආවොත් මාත් ඇමතිවරයෙක්!

මාලිමා ආණ්ඩුවක් ආවොත් මාත් ඇමතිවරයෙක්!

0

අද මෙරට ප්‍රධාන පක්ෂ දෙක සමගි ජන බලවේගය හා ජාතික ජන බලවේගය බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා සඳහන් කරයි.

ඉදිරියේදී ජාතික ජන බලවේගය පිහිටුවන ආණ්ඩුවකට සහභාගි වීම සම්බන්ධයෙන් තමන් අනුර දිසානායක මහතා සමග සාකච්ඡා කර ඇති බවත් එම ආණ්ඩුවට එක්වීම හොඳ බව අනුර දිසානායක මහතා ද පැවසූ බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

දැනට පවතින තත්ත්වය අනුව ඉදිරි ජනාධිපතිවරණ තරගයේ ඉදිරියේම සිටින්නේ සමගි ජන බලවේගය බවද පැවසූ මන්ත්‍රීවරයා කෙසේ වෙතත් ඉදිරියේ පත්වන ඕනෑම ආණ්ඩුවක මනෝ ගනේෂන් අමාත්‍යවරයෙක් බවද කියා සිටියේය.

ඔහු මේ බව කියා සිටියේ කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

NO COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version