Home Local News සජබ ඉල්ලූ පිටිය මාලිමා මැයි රැලියට දීලා…

සජබ ඉල්ලූ පිටිය මාලිමා මැයි රැලියට දීලා…

0

එළඹෙන මැයි දිනයට සමගි ජන බලවේග මැයි රැළියට ලක්ෂ එක හමාරක ජනතාවක් සහභාගි වන බව එම පක්‍ෂයේ ජනාධිපතිවරණ මෙහෙයුම් ප්‍රධානී හිටපු රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා සඳහන් කරයි.

තම පක්ෂයේ මැයි රැලිය සඳහා සුදුසු ස්ථානයක් ලබා නොදී සිටීම ආණ්ඩුව විසින් සිදු කරන ලද බියගුළු ක්‍රියාවක් බවද හෙතෙම චෝදනා කළේය.

ගාලු මුවදොර පිටිය තම මැයි දින රැලියට ඉල්ලූ විට ආණ්ඩුව එය ලබා නොදුන් බවත් පසුව නගර ශාලාව ආසන්න භූමිය ලබා දෙන බව පවසා අද වන විට එම ස්ථානය ජාතික ජන බලවේගය මැයි රැුළිටට ලබාදීමට ජනාධිපතිවරයා විසින් කටයුතු කර ඇති බවද හෙතෙම පැවසීය.

මෙය පැහැදිලිවම තම පක්ෂයට බිය වී ම සිදු කරන බියගුළු ක්‍රියාවක් බවද හෙතෙම තවදුරටත් කියා සිටියේය.

සේනසිංහ මහතා මේ බව කියා සිටියේ කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමනි

NO COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version