Home Local News ග්‍රීස් ගහ කඩා වැටී 04ක් රෝහලේ!

ග්‍රීස් ගහ කඩා වැටී 04ක් රෝහලේ!

0

ගම්පොළ – ගම්පලවෙල රජඇළගම ප්‍රදේශයේ පැවැති අවුරුදු උත්සවයක ග්‍රීස් ගස කඩාවැටීමෙන් සිවු දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

අලුත් අවුරුදු උත්සවය සඳහා නැකතට අනුව මුලින්ම සෑදූ ග්‍රීස් ගස මෙලෙස කඩා වැටී ඇති බව සඳහන්.

මෙම අවුරුදු උත්සවයට සහභාගි වීම සඳහා අවට ගම්වාසීන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වී සිටි බවයි වාර්තා වන්නේ.

ග්‍රීස් ගස සඳහා රුපියල් 15,000ක තෑග්ගක් සංවිධායක මණ්ඩලය විසින් වෙන් කර තිබෙනවා.

ඒ සඳහා තරුණයන් පස් දෙනකු ඉදිරිපත්ව සිට ඇති අතර මෙම කණ්ඩායම දිරි ගන්වමින් අවුරුදු උත්සවය සඳහා සහභාගී වී සිටි පිරිස් ද එකතු කරගත් තවත් රුපියල් හත්දහසක මුදලක් ද එයට එක් කර තිබු බව සඳහන්.

පැය ගණනක උත්සාහයකින් පසු එකිනෙකාගේ කරමතින් නැඟී සිටිමින් කණුව උඩ ගසා ඇති කොඩිය ගැනීමට සූදානම් වූ සැණින් පස්දෙනකුගේ බර දරා ගැනීමට නොහැකිව ග්‍රීස් ගස කැඩී බිමට වැටී තිබෙනවා.

එම වේලාවෙහි ග්‍රීස් ගසේ සිටි තරුණ පිරිසද සීසී කඩ විසි වී වැටී ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

NO COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version