Home Local News දිළිඳු ජනතාව ආර්ථිකයට හවුල්කර ගන්නවා!

දිළිඳු ජනතාව ආර්ථිකයට හවුල්කර ගන්නවා!

0

ජාතික ජන බලවේගය දිළිඳු ජනතාව ආර්ථිකයට ඇතුළත් කර ගැනීමට ක්‍රියා කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

ඔහු එසේ ප්‍රකාශ කෙළේ, පසුගියදා (07) ජාතික ජන බලවේගයේ සමෘද්ධි ජාතික සාමූහිකයේ මාතර දිස්ත්‍රික් සමුළුව අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අනුර කුමාර දිසානායක මහතා මෙසේද පැවසීය.

දුප්පත්කම හා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවීම අතර සම්බන්ධතාවක් තිබෙනවා. දුප්පත්කම කියන්නෙ කන්න නැතිකම විතරක් නොවෙයි. ඊට එහා යන ඛේදවාචකයක්. ජාතික ජන බලවේගයේ ආර්ථික ප්‍රතිපත්තියේ කොටසක් තමයි දිළිඳු ජනතාව රැක බලා ගැනීම. ඔවුන් ආර්ථිකයට ඇතුළත් කර ගැනීම ක්‍රියාත්මක කරනවා. ඡන්දය ඉල්ලන අය සහ ඔවුන්ට ඡන්දය දෙන අය අතරේ කොතරම් වෙනස්කම් තිබෙනවාද? දිළිඳු භාවය පිළිබඳ ප්‍රශ්නය ඉතිහාසය පුරාම දේශපාලන පිටියේ පාපන්දුවක් බවට පත්කරගෙන තිබෙනවා. ජාතික ජන බලවේගයේ අපට දිළිඳුභාවය සමාජ ඛේදවාචකයක්. ජීවිතය පිළිබඳ ප්‍රශ්නයක්. සමාජ අර්බුදයක් පිළිබඳ ප්‍රශ්නයක්. දිළිඳු භාවයෙන් පෙළෙන ජනතාව එයින් මුදා ගැනීම සඳහා ශක්තිමත් වැඩ පිළිවෙළක් අවශ්‍යයි. ග්‍රාමීය දුප්පත් ජනතාව එයින් මුදා ගැනීම සඳහා සමාජ පරිවර්තනයක් අවශ්‍යයි. ගමේ ඉන්න කෙනා ගමේ ම ජීවත් වෙමින් ආර්ථිකයට දායක වෙනවා මිස ගමෙන් කොළඹට ඇවිත් කොන්ක්‍රීට් ඇනීමෙන් දුප්පත් භාවයෙන් මිදෙන්න බැහැ.

උපාලි කරුණාරත්න

NO COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version