Home World News බල්ලන් වෙනුවෙන් ගුවන් සේවයක්!

බල්ලන් වෙනුවෙන් ගුවන් සේවයක්!

0

අමෙරිකානු සමාගමක් වන BARK Inc. විසින් සුනඛයින් සඳහාම වෙන් වුණු නව ගුවන් සේවයක් ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙය බාර්ක් එයාර් (BARK Air) නමින් හඳුන්වන අතර මෙහි පළමු ගුවන් ගමන මැයි මස 23 වැනිදා නිව් යෝර්ක් සිට පිටත් වනවා.

සාමාන්‍ය පුද්ගලයෙකුට හිමි වන පළමු පන්තියේ ගුවන් ගමනක අත්දැකීම මෙහිදී සුනඛයින් සඳහා නිර්මාණය කර ඇති බවත්, ඒ අනුව සුනඛයින්ට සහ ඔවුන්ගේ හිමිකරුවන්ට සුවපහසු ගුවන් ගමනකට එක්වීමේ හැකියාව ලැබෙන බවත් එම සමාගම පවසනවා.

පළමු ගුවන් ගමන සඳහා සඳහා BARK Air වෙබ් අඩවිය ඔස්සේ අසුන් වෙන් කරවා ගැනීමේ පහසුකමද මේ වන විටත් ලබාදී තිබෙන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරනවා.

සුනඛ හිතකාමී ගුවන් ගමන සඳහා විශාල ගාස්තුවක් ගෙවීමට සිදුවනු ඇතැයි වාර්තා වනවා.

ඒ අනුව දැනට, එක් සුනඛයෙකුට සහ එක් මිනිසෙක් සඳහා ප්‍රවේශපත්‍රයක් අවම වශයෙන් ඩොලර් 6,000ක් වන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරනවා.

NO COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version