Home Local News ජවිපෙ නලින්ද හිසතෙල් ගාන්න නාමල් එක්ක සෙට් වෙයි!

ජවිපෙ නලින්ද හිසතෙල් ගාන්න නාමල් එක්ක සෙට් වෙයි!

0

අද දින හොරණ ඔලබොඩුව රජමහා විහාරස්ථානයේ දී පැවැත්වුණු අලුත් අවුරුදු චාරිත්‍රානුකූල හිස තෙල් ගෑමේ අවස්ථාව සඳහා නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා සහභාගී වී තිබු අතර

පූජ්‍ය ඔලබොඩුවේ ධම්මික නායක ස්වාමීන් වහන්සේගේ මූලිකත්වයෙන් හිස තෙල් ගෑමේ චාරිත්‍රය සිදු කෙරුණු අතර මෙම අවස්ථාව සඳහා රාජ්‍ය අමාත්‍ය අනූප පැස්කුවෙල් මැතිතුමා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සංජීව එදිරිමාන්න මහතා සහ ලලිත් වර්ණකුමාර මහතා සමගින් ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතාද සහභාගී වී තිබෙනු දකින්නට ලැබිණි.

නාමල් රාජපක්ෂ ඇතුළු රාජපක්ෂලා දැඩිව විවේචනය කරන නලින්ද ජයතිස්ස මන්ත්‍රීවරයා නාමල් රාජපක්ෂ මහතාට සමීපව සිටින අයුරු දැක්වෙන චායාරුප සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන අතර “මාධ්‍ය ඉදිරියේ රාජපාක්ෂලා විවේචනය කරන ජෙප්පෝ තිරය පිටුපස හැසිරෙන්නේ මෙන්න මෙහෙමයි” මයෙන් සමාජ මාධ්‍ය ප්‍රචාරයන්ද පලවී ඇති අකාරය අපට දකින්නට ලබුනා.

NO COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version