Home Local News එල්ටීටීඊය සහ ජවිපෙ අතර වෙනසක් නෑ…

එල්ටීටීඊය සහ ජවිපෙ අතර වෙනසක් නෑ…

0

මිනිස් ඝාතන සිදු කරමින් රජයේ දේපොළ විනාශ කළ එල්.ටී.ටී.ඊ. සංවිධානය හා ජනතා විමුක්ති පෙරමුණ අතර වෙනසක් නැතැයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

මල්වතු අස්ගිරි මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේලා බැහැදැක ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් නාමල් රාජපක්ෂ මහතා ඊයේ (11) මේ බව පැවසුවේය.

තවදුරටත් මන්ත්‍රීවරයා මෙසේද පැවසීය.

එදා ජනතා විමුක්ති පෙරමුණ මහා සංඝරත්නයත් සාමාන්‍ය ජනතාවත් ඝාතනය කරමින් බස් රථ, ට්‍රාන්ස්ෆෝමර් ගිනි තබමින් කළේ එල්.ටි.ටි.ඊ සංවිධානය කළ දේමයි. ජනතා විමුක්ති පෙරමුණට එල්.ටී.ටී.ඊ. සංවිධානය මෙන්ම විනාශ කිරීමේ පුරුද්දක් තිබෙනවා. රට විනාශ කරන අයට රට භාර දෙනවාද රට ගොඩනඟන කණ්ඩායමකට රට භාර දෙනවාද යන්න ජනතාව බුද්ධිමත්ව තීරණය කළ යුතුයි.

ඇතැම් දේශපාලන පක්ෂ ප්‍රබලත්වයට පත්ව තිබෙන්නේ කයිවාරුවෙන් පමණයි. අරගල කර ආණ්ඩු පෙරළීමට ගියේ එවැනි කයිවාරුකරුවන් පිරිසක්. එහි අවසාන ප්‍රතිඵලය වුණේ හොරු අල්ලන්න ආපු අය හොරකම්වල සැකකරුවන් බවට පත්ව බන්ධනාගාරගත වුණා.

ඉදිරි ජනපතිවරණ ඡන්ද පත්‍රිකාවේ තම නම කෙසේ වෙතත් පොහොට්ටු ලකුණ අනිවාර්යයෙන් දක්නට ලැබෙනවා.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අනිවාර්යයෙන්ම ජනපතිවරණයට අපේක්ෂකයකු ඉදිරිපත් කරනවා. එම අපේක්ෂකයන් අතර රනිල් වික්‍රමසිංහ මහතා ද සිටිය හැකිය.

අසේල කුරුළුවංශ

NO COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version