Home Local News ඔක්තෝබර් මාසයෙන් පස්සේ එන්නේ අපේ රජයක්!

ඔක්තෝබර් මාසයෙන් පස්සේ එන්නේ අපේ රජයක්!

0

බිත්තර, සහල් ආදී ආනයනික භාණ්ඩ මිල පාලන අවශ්‍යතාවක් පවතී. එහෙත් පාරිභෝගික අධිකාරිය ඊට කිසිදු මැදිහත්වීමක් සිදුනොකරන බව එක්සත් ජනරජ පෙරමුණේ ජාතික සංවිධායක වරලත් ඉංජිනේරු සුමේධ රත්නායක මහතා පවසයි.

ජීවන වියදම වැඩි වී තිබේ. එය පාලනය ජනතාවට ප්‍රතිලාභ හිමිවන සාධකයකි.

ඒ නිසා ඔක්තෝබර් මාසයෙන් පසු බිහිවන ” අපේ රජයකින් ” පාරිභෝගිකයන් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බව අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී රත්නායක මහතා අවධාරණය කළේය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනය සහ පාරිභෝගිකයා මුහුණ දෙන ගැටළු සම්බන්ධව එක්සත් ජනරජ පෙරමුණ විසින් පවත්වන ලද මාධ්‍ය හමුවට එක්වෙමිනි.

ඊට එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා සහ ජනරජ කාන්තාවෝ විධායක සභික මධුරි රණසිංහ මෙනෙවිය ද සහභාගී වූහ

NO COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version