Home Entertainment නිල් චිත්‍රපට නිළි සනී ලියෝන්ගෙන් හෙළිදරව්වක්!

නිල් චිත්‍රපට නිළි සනී ලියෝන්ගෙන් හෙළිදරව්වක්!

0

සනී ලියෝන්…

මේ නම නොදන්නා කෙනෙක් නැති තරම්.

කලක් වැඩිහිටියන්ට පමණක් සීමා වූ ‘නිල් චිත්‍රපට කලාවේ’ උඩින්ම නම රැන්ඳූ සරාගිනියක් වුණු ඇය, දැන් නම් නිල් චිත්‍රපට කලාවෙන් සමුගෙන ඉන්නෙ. (නමුත් තාමත් ඇයව බොහෝ තැන්වල හඳුන්වන්නේ නිල් චිත්‍රපට නිළියක් හැටියට)

පහුගිය දවසක ඇය විසින් ඇගේ ජීවිතේ හද කම්පා කරවන සුළු පුවතක් හෙළිදරව් කර තිබුණා.

ඒ ඇයගේ හිටපු පෙම්වතා සම්බන්ධව.

ඡායාරූප – facebook

වැඩිහිටි චිත්‍රපටවල ආරම්භයේ සිටම බොලිවුඩයේ සාර්ථකත්වය දක්වා සනීගේ ගමන අභියෝගවලින් පිරී තිබුණු එකක් බව මීට ඉහත කිහිපවිටකදීම ඈ ප්‍රසිද්ධියේ කියලා තිබුණා.

එයාකාරයෙන් මෑත කාලීන සාකච්ඡාවකදී ඇය හෙළිදරව් කර තිබුණේ, තමන් ‘පළමුවර තම විවාහ මංගල්‍යයට මාස දෙකකට පෙර’ වංචා කිරීමේ වේදනාකාරී අත්දැකීමකට මුහුණ පෑ බවක්.

ඒ අනුව සිය අතීතය ආවර්ජනය කරමින් සනී හෙළි කළේ ඩැනියෙල් වෙබර් සමඟ විවාහ වීමට පෙර ඇය වරක් විවාහ ගිවිසගෙන සිටි බව.

සනී සිය පවුල සමඟ ඡායාරූප – facebook

තමන් දෙදෙනා හවායි හි සුන්දර ගමනාන්තයක් සැලසුම් කරමින් විවාහ මංගල්‍යයක් සඳහා ද සූදානම් වෙමින් සිටි බවත් ඇය සඳහන් කර තිබුණා.

කොහොම නමුත් සියලු සැලසුම් අවසන ඇගේ බලාපොරොත්තු සුන්කරමින්, ඔහු ඇයගේ විශ්වාසය පාවා දීලා !!

ඒ, නියමිත විවාහයට මාස කිහිපයකට පෙර ඇගේ සිහින සියල්ල බිඳ දමමින්.

එම වේදනාකාරී සිදුවීම ඈ මෙලෙස වචන කර තිබුණා…

”මමත් මගේ සැමියා හමුවීමට පෙර වරක් විවාහ ගිවිසගෙන සිටියා.

මේක වුණේ අපේ කසාදෙට මාස දෙකකට කලින්.

හවායි ගමනාන්ත මංගල්‍යයකට ඇඳුමක් තෝරාගෙන, සල්ලි ගෙවලා, හැම දෙයක්ම කළා…

මට දැඩි හැඟීමක් ඇති වුණා, යමක් වැරදී ඇති බවට… ඔහු මාව රවටා ඇති බවට..

ඒක නරකම හැඟීමක්….

ඒත් දෙවියන් පුදුම දේවල් කරනවා. දේවදූතයෙක් එවනවා…

මගේ අම්මා නැතිවෙනකොට වගේම මගේ තාත්තා නැතිවෙනකොටත් එතන හිටියෙ මගේ සැමියා… එදා ඉඳන් එයා ඉන්නවා…”

ඡායාරූප – facebook

සනී සිය සැමියා වන ඩැනියෙල් වෙබර්ගේ අනපේක්ෂිත පැමිණීම සලකන්නේ අඳුර මැද, දෛවය විසින් එවන ලද දේවදූතයෙකු හැටියට.

ඒ, ඔහුගේ පැමිණීම ඈට සැනසීමක් ගෙනා බැවින්.

ඇය කියන විදියට, ඩැනියෙල් ඇගේ දෙමාපියන් අහිමි වූ අවස්ථාවේ ඈ සමඟ සිට ඇත්තේ නොසැලෙන සහයෝගයක් සහ ආදරයක් ලබාදෙමින්.

ඡායාරූප – facebook

කොහොම නමුත් සනී දැන් නම් ගෙවන්නේ ප්‍රීතිජනක ජීවිතයක් බැව් ඇගේ සමාජ මාධ්‍ය භාවිතය ගැන විමසිල්ලෙන් පසුවන ඔබට මනාව පැහැදිලි වනවාට සැක නෑ.

ඇය දැන් දරුවන් තිදෙනෙක්ව රැකබලා ගන්න වගකීම් සහගත මවක්….

උපුටා ගැනීම : www.monara.com

NO COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version