Home Local News කුණු කෑම විකුණූ මහරගම කඩ රොත්තක් අල්ලයි!

කුණු කෑම විකුණූ මහරගම කඩ රොත්තක් අල්ලයි!

0

මිනිස් පරිභෝජනයට නුසුදුසු, සෞඛ්‍යාරක්ෂිත බවින් තොර ආහාරපාන අලෙවි කළ මහරගම ස්ථාන 15කට නිවේදන නිකුත් කොට, ස්ථාන 02කට එරෙහිව නඩු පැවරීමට මහරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යයාලය පියවර ගෙන තිබෙනවා.

එම කාර්යයාලය මගින් ක්‍රියාත්මක කළ හදිසි වැටලීමේදී හෝටල්, තේ කඩ, ස්නැක් බාර්, තොග කඩ, ජූස් බාර් සහ ආපනශාලා ඇතුළු ස්ථාන 25ක් පරීක්ෂාවට ලක් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

එහිදී වියළි ආහාර, සො⁣සේජස්, කුකුළු මස්, මාළු වැනි ආහාර වර්ග අයිස්ක්‍රීම් සමග එකම ශීතකරණයක තැබීම, එළවළු වර්ග සහ මිරිස් – තුනහප වැනි දෑ ඉතාම අපිරිසිදු ස්ථානවල ගබඩා කරතැබීම, පිසූ ආහාර වර්ග කෘමීන්ගේ ග්‍රහණයට ලක් වන අයුරින් අලෙවියට තබා තිබෙනු දක්නට ලැබී තිබෙනවා.

එක් හෝටලයකින් බැහැර කරන අපජලය ගබඩා කිරීමට සහ මළපහ ගබඩා කිරීමට කපා ඇති වළවල් නිසි ලෙස මුද්‍රා නොතබා අනාරක්ෂිත ලෙස තහඩුවලින් වසා තිබෙන අයුරු ද දක්නට ලැබුණු බවයි, මහරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යයාලයේ නිලධාරියෙකු සඳහන් කළේ.

එලෙස වගකීම් විරහිතව තම ව්‍යාපාර පවත්වාගෙන ගිය ස්ථාන 15කට අවවාදාත්මක නිවේදන නිකුත් කොට දින 07ක් ඇතුළත ඒවා නිවැරදි කරන ලෙස උපදෙස් ලබාදී, අපිරිසිදු ලෙස ආහාර අලෙවි කළ ස්ථාන 02කට එරෙහිව නුගේගොඩ අධිකරණයේ නඩු පැවරීමට පියවර තිබෙනවා.

උපුටා ගැනීම: www.monara.com

NO COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version