Home Local News සීගිරියට ගොල්ෆ් ක්‍රීඩාංගණයක්!

සීගිරියට ගොල්ෆ් ක්‍රීඩාංගණයක්!

0

මෙරට ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන සීගිරිය ප්‍රදේශයේ ගොල්ෆ් ක්‍රීඩා පිටියක් ඉදි කිරීමට රජය තීරණය කොට ඇත.

රටේ ආර්ථිකය ගොඩනැගීම උදෙසා සංචාරක කර්මාන්තය ගොඩනැංවීමට වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ සංකල්පයකට අනුව රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය ප්‍රමිත බංඩාර තෙන්නකෝන් මහතාගේ සහ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක මහතාගේ සම්බන්ධීකරණයෙන් ගුවන් හමුදාපති උදේනි රාජපක්ෂ මහතාගේ පූර්ණ අධීක්ෂණයෙන් මෙම ගෝල්ෆ් පිටියේ ඉදිකිරීම් ඇරඹෙන අතර ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ දායකත්වයෙන් ගොල්ෆ් ක්‍රීඩාංගණයේ සම්පූර්ණ සංවර්ධන කටයුතු සිදු කිරීමට නියමිතය.

අප්‍රේල් මාසය අවසානයට පෙර මෙහි වැඩ ආරම්භ කිරීමට නියමිත අතර සීගිරිය කේන්ද්‍ර කරගෙන පැමිනෙන සංචාරකයින් ඉලක්ක කරගෙන සිදුකරන මෙම ව්‍යාපෘතිය හරහා සංචාරක ක්ශේත්‍රයේ විශාල ප්‍රවර්ධනයක් සිදුවනවා සේම සීගිරිය දඹුල්ල ඇතුලු සමස්ත මාතලේ දිස්ත්‍රික්කයේම ජනතාවට සෘජු හා වක්‍ර ප්‍රතිලාභ රැසක් මේ හරහා උරුම වීමට නියමිතය.

NO COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version