Home Uncategorized රජයේ සේවකයින්ට දැන් හොදට තේරිලා…

රජයේ සේවකයින්ට දැන් හොදට තේරිලා…

0

වත්මන් ආණ්ඩුව බලයට පැමිණීමට පෙර ලබාදුන් පොරොන්දු කිසිඳු උපායමාර්ගික වැඩපිළිවෙළකින් තොරව දුන් ඒවා බව රාජ්‍ය සේවකයින්ට මේ වනවිටත් වැටහී ගොස් ඇතැයි සර්වජන බලයේ නායක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා පවසයි.

දිවුලපිටියේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

සර්වජන බලයේ නායක ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා,

“ප්‍රධාන ධාරාවේ දේශපාලන බලවේග සියල්ලම දියවී යන අවස්ථාවක රටට ආදරය කරන මිනිස්සුන්ට එකතු වෙන්න දේශපාලන නවාතැනක් අපි හදලා තියෙනවා. නව දේශපාලන සංස්කෘතියේ ආරම්භය සඳහා එඩිතර විපක්ෂයට අවස්ථාව ලබාදෙන්න.”

“රාජ්‍ය සේවකයින්ට ඉතාම පැහැදිලිව දැන් තේරුම් ගිහින් තිබෙනවා…සියලු පොරොන්දු දීලා තියෙන්නේ උපායමාර්ගික වැඩපිළිවෙළකින් තොරව බව. ඒ නිසා තමයි ගුරු වැටුප් පවා දින 10කට වඩා ප්‍රමාද වුණේ.”

“අපි ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ඔබට ලබාදී තිබෙන බලාපොරොත්තු ඉටු කරගැනීම වෙනුවෙන් ඔබ වෙනුවෙන් පාර්ලිමේන්තුවේ සිටිය යුතු එඩිතර විපක්ෂයක් ලෙස අපිව පාර්ලිමේන්තුවට රැගෙන යන්න කියලා.”

සර්වජන බලයේ නායක ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා සහ මහාචාර්ය චන්න ජයසුමන, මිලාන් ජයතිලක ඇතුළු සර්වජන බලයේ එම දිස්ත්‍රික් අපේක්ෂකයින් අද දිවුලපිටිය ආසනයේ විහාරස්ථාන වෙත පැමිණ මහා සංඝරත්නය බැහැදැක ආශිර්වාද ලබාගත්තේය.

මේ අතර සර්වජන බලයේ දෙවුන්දර, අකුරැස්ස, මාතර හා දෙණියාය ආසන සඳහා සංවිධායකවරු පත් කිරීම අද පෙරවරුවේ පක්ෂ නායක ව්‍යවසායක දිලිත් ජයවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ කාර්යාලයේදී සිදු කෙරුණි.

NO COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version