Home Local News තවත් බිලියන 125ක් සොයා භාණ්ඩාගාර බිල්පත් විකුණයි!

තවත් බිලියන 125ක් සොයා භාණ්ඩාගාර බිල්පත් විකුණයි!

0

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රුපියල් බිලියන 125ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් එළඹෙන 23 වන දා නිකුත් කරයි.

ඒ අනුව රජයේ සුරැකුම්පත් පිළිබඳ ප්‍රාථමික අලෙවිකරුවන්ගෙන් ලංසු කැඳවනු ලැබේ.

ලංසු ඉදිරිපත් කළ යුත්තේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සපයනු ලැබ ඇති විද්‍යුත් ලංසු ඉදිරිපත් කිරීමේ පහසුකම මගින් පමණකි.

ලංසුවක් සඳහා වන අවම මුදලට අනුගත වෙමින් අපේක්ෂිත ආයෝජකයන්ට (මහජනතාව හෝ වෙනත් ඕනෑම ආයෝජකයෙකුට) පහත සඳහන් ප්‍රාථමික අලෙවිකරුවන් හරහා ලංසු ඉදිරිපත් කළ හැකිය.

වෙළෙඳපොල තත්ත්වයන් මත, මෙම වෙන්දේසියට ඉදිරිපත් කරන ලද සම්පූර්ණ ප්‍රමාණය ඉක්මවා නොයන පරිදි, එක් එක් පරිණත කාලයන්ට අදාළව ඉදිරිපත් කරන ලද ප්‍රමාණයන්ට වඩා අඩු හෝ වැඩි ප්‍රමාණයන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පිළිගනු ලැබිය හැකි ය.

අපේක්ෂිත ආයෝජකයන්ට ප්‍රාථමික අලෙවිකරුවන් හෝ අනෙකුත් බලපත්‍රලාභී වාණිජ බැංකුවක් හරහා ද්විතියීක වෙළෙඳ පොළෙන්ද භාණ්ඩාගාර බිල්පත් මිලදී ගත හැකිය.

NO COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version