Home Local News පළමු එක්දින තරගයෙන් සිංහයින්ට විශිෂ්ඨ ජයක්! 

පළමු එක්දින තරගයෙන් සිංහයින්ට විශිෂ්ඨ ජයක්! 

0

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පරාජය කර පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුලු 5ක පහසු ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

පල්ලේකැලේ පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් කොදෙව් කණ්ඩායම පන්දුවාර 38.3කදී කඩුලු 4ක් දැවී ලකුණු 185ක් රැස්කරගෙන සිටියදී වර්ෂාවෙන් බාධා එල්ල විය.

මෙහිදී ශ්‍රී ලංකාවට පන්දුවාර 37කදී ලකුණු 232ක ඉලක්කයක් හිමිවූ අතර, එම ඉලක්කය කඩුලු 5ක් දැවී තිබියදී පන්දුවාර 31.5කදී පසුකර යාමට සමත් විය.

නායක චරිත් අසංලක ලකුණු 77ක් ද,හා සිය ප්‍රථම ජාත්‍යන්තර එක්දින තරගයට ක්‍රීඩාකල නිශාන් මධුෂ්ක 69ක් රැස්කළා.

මෙම ජයත් සමග තරග තුනකින් යුත් තරගාවලිය තරග 1-0ක් ලෙස ශ්‍රී ලංකාව පෙරමුණ ගත්තේය.

NO COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version